රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සිදු කරන ලද වැටලීමකදී කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට ලැබී තිබුණු පාර්සලයක සඟවා තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
එම පාර්සලය පාකිස්තානයේ සිට මෙරටට එවා තිබූ අතර එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සොයාගෙන තිබේ.
මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙම සැකසහිත පාර්සලය හමුවී තිබූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 400ක් බවද වාර්තා වෙයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙයි