29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදීර් ඝ කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය...

දීර් ඝ කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර් ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය මාන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උතුරු පළාත් විශේෂ වැටලීම් එකකයේ උප පොලිස් පරීක්ෂක පී.ජී.ආර්.එන්. ගුණවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) යාපනය පොලිස් වසමේ මුට්ටාස් කඩ හන්දිය ඉන්ධන පිරවුම්හල අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 830 ක් සන්තකයේ තබාගෙන සිටි ඌරලු නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments