29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහරගම මහජන පොළ ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ...

මහරගම මහජන පොළ ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ දැරූ අයකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මහරගම මහජන පොළ ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දැඩි පරිශ්‍රමයක් දරාමෙල්ල කර ඔහු සතුව තිබු මත්කරල් සහ තියුණු ආයුධය සමග අත්අඩංගුවට ‌ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය මුලස්ථන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. බි.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) මහරගම පොලිස් වසමේ මහරගම මහජන පොළ ඉදිරිපිට ක් වැටලීමක් සිදුකර ඇත.

එහි දී මහරගම මහජන පොළ ඉදිරිපිට පදික වේදිකාවේ ප්‍ර‍ධාන පිවිසුම ආසන්නයේ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු හට පිහි ඇනුමක් සිදු කරනු බවට නිරීක්ෂණය වීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බලකායෙ බුද්ධි අංශය එම පිහි ඇනුම සිදු කරනු ලැබු පුද්ගලයා සමග පොර බදා දැඩි පරිශ්‍රමයක් දරා ඔහු ව ග්‍ර‍හණයට ගත් අතර දැඩි ලෙස තුවාල ලැබු පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයකට දමා ප්‍ර‍ථිකාර සදහා කළුබෝවිල රජයේ රෝහලට පිටත් කර තිබේ.

අනතුරුව සැකකරු පරීක්‍ෂා කිරිමේ දි සැකකරු සන්තකයේ තිබි මත්කරල් ,ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක් හා පිහි ඇනුම සදහා යොදා පිහියද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු මහරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොහු මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments