ඉතා සුක්ෂම ලෙස නීතිවිරෝධී මත්කරල් ජාවාරමේ යෙදුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය මොරටුව කඳවුරේ බස්නාහිර පළාත E කලාපයේ ආරක්ෂක රාජකාරී නිරත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කොළඹ කලාපය බාර පොලිස් අධිකාරී වයි.ජී.පී.කේ. විජේසුන්දර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පී.පී.කේ. කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව කඳවුරේ පොලිස් සැරයන් 39552 රෝහිත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (03) ගල්කිස්ස පොලිස් වසමේ අංක 19/3/ඒ, ශ්‍රී ධර්මාරාම පාර, වලව්වත්ත, රත්මලාන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී PREGABALIN මත්කරල් 500 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක කාන්තාවක් රුපියල් 2,400.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.