29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්වත්මන් අර් බුදය පිළිබඳ මේ රටේ බොහෝ දේශපාලඥයින්ට දැනුමක් නෑ, විද්වතුන්...

වත්මන් අර් බුදය පිළිබඳ මේ රටේ බොහෝ දේශපාලඥයින්ට දැනුමක් නෑ, විද්වතුන් නිහඬයි,ජනතාව දැනුවත් කිරීමක් නෑ. ඉතිං කොහොමද අර් බුදයෙන් ගොඩයන්නේ-ඩිව්.ගුණසේකර

මේ අර් බුදයෙන් ගොඩ ඒමට මැද -වාම බලවේගයකට පමණයි හැකිවන්නේ එවැනි දේශපාලන පෙළගැස්මක් ඇති කරගැනීමට අප හමුවේ ඇති අභියෝගයයි.

මේ රටේ මිනිස්සු පාරට බෑහැලා අරගලය කරපු අවස්ථාවේ අපි මග හැරියේ නෑ රට කඩා වැටෙන්න නොදි පාලනය කරන්න යෝජනාවක් තවත් මන්ත්‍රී කණ්ඩායමක් සමග ගෙනාවා ඒ ගැන කව්රුත් අද කතාකරන්නේ නෑ. එහි විකල්ප වැඩපිළිවෙලක් ලෙස ඉදිරිමගෙන් ඉදිරියට වැඩපිළිවෙල හඳුන්වා දුන්නා. ඒ නිසා අර් බුදය අවස්ථාවේ සියලු දෙනා මග හැරියා රනිල් මහතා කියන කතාව අපට වලංගු නෑ. – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ

අනුර ප්‍රේමලාල්

වත්මන් අර්බුදයෙන් මිදීමට නම් මේ පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමක් සමග ජනතාව දැනුවත් කිරීමක් මේ රටේ විද්වතුන් වත් දේශපාලඥයෝ වත් කරන්නේ නැති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අසුඑක්වන සංවත්සර දේශනයකට එක්වෙමින්ය. මෙම අර්බුදය පිළිබඳ ජාත්‍යාත්තර තත්ත්වය කිසිදු සාකච්ඡාවක් සංවාදයක් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ කැබිනට් එක තුලවත් මේ ගැන අවබෝධයක් තිබෙන අය ඉන්නවාද සැකයි. කියන්න කණගාටුයි මේ රටේ විශ්වවිද්‍යාල දාහතක් තිබෙනවා ඒවායින් පිටවන විද්‍යාර්ථයින් කොහේ යනවාද දන්නේ නෑ. දූෂණය වංචාවක සෑම රටකම තිබෙනවා. රටම ඒ ගැනම කිය කියා අපි තව තවත් අමාරුවේ වැටෙනවාද නැත්නම් මේවා ගැන ජනතාවටත් අවබෝධයක් ලබාදී නැගී සිටිනවාද කියන එක ගැන දැන්වත් අපි අවධානය යොමු කළ යුතුයි. අර්බුදයෙන් මිදෙන්න නම් ඒ ගැන පාලකයින්ටත් ,ජනතාවටත් අවබෝධයක් තිබෙන්න ඕනේ.

එදා 80% ලෝකයේ අමෙරිකානු ඩොලරය භාවිතා කළත් අද වනවිට එය 39% දක්වා අඩුවෙලා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය 1860දීද,ප්‍රංශ අධිරාජ්‍යවාදය1870දීද, ජර්මන් 1880දීද ,1890 අමෙරිකානුදීද පසුව විසිවන සියවස ආසන්නයේ ජපන් අධිරාජ්‍යවාදය යන අධිරාජ්‍යවාද පහ ලෝකයේ ක්‍රියාත්මක වුණ අතර දැන් ඒවා හීන වෙමින් තිබෙන අතර ලෝක ආර්ථිකයේ ශක්තිමත් බව ආසියාව කරා ගමන් කරනවා. මේ වා පිළිබඳ සමාලෝචනයක් රටතුල නෑ ඉතිං කොහොමද ගැටලු විසඳන්නනේ. G7අද දුර්වලයි. අද බ්‍රිට්ස් තිබෙනවා ලෝකය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙමින් තිබෙන අතර අප වල්පල් දොඩමින් සිටිනවා. ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් නෑ. රට ගැන සිතනවානම් අර්බුදය ගැන අවබෝධය අත්‍යාවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා…… වේගයෙන් වෙනස් වන්නාවු ජාත්‍යාන්තර ආර්ථික රටාව සහ අපේකෂිත නව ජාත්‍යාන්තර මූල්‍ය ක්‍රමයක් තේරුම් ගනිමින් ඒ සමග ස්ථානගතවී ක්‍රියා කළ හැක්කේ මැද-වාම බලවේගයන් පමණයි. එවැනි දේශපාලන පෙළගැස්මක් ඇති කරගැනීමට අප හමුවේ ඇති අභියෝගයයි.

ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ,සංස්කෘතික ක්ෂේත්‍ර කරා පැතිරෙමින් තිබෙනවා. දරිද්‍රතාවය හා අසමානතාවය පළමුවරට බිහිසුණු තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ප්‍රධාන දේශාපලන පක්ෂ තුන, යුඇන්පි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ (පෝට්ටුව) කැඩිබිඳ වෙන්වි යමින් තිබෙනවා. විකල්පයක අවශ්‍යතාවය පැන නැගි තිබෙනවා. තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය හෝ දෙකම පැවැත්වෙනු ඇති.

නව පෙල ගෑස්මකට කොමියුනිස්ට් පාක්ෂිකයින් වන අප උත්සහයක යෙදි සිටිනවා. දේශපාලන සාක්ෂර තාවයේ අඩුව හොඳීන්ම වැටහෙන්නේ දැනුයි. දක්ෂිණාංශයබෙදිලා ඔහුනට දැන් තනිවම බලය එන්න බෑ වමට තනියම බලයට එන්න තත්ත්වයක් නෑ. වමත් බෙදිලා මැතිවරණයේදී තීරණාත්මක සාධකය සමාජයේ මැද ස්ථරයන්. මැද කඩා ගැනීමට දකුණ උත්සහයක යෙදි සිටිනවා. ජෙ.වි.පි.(ජා.ජ.බ.) මැද ස්ථරයන් කොටසක් ඔහුන්ගේ නායකත්වය යටතට ගන්න වෑයම් කරනවා පවතින යථාර්තය නම් මැද – වම සන්ධානයක අවශ්‍යතාවයයි. ජාතික හා ජාත්‍යාන්තර අභියොගයට මුහුණදීමට ශක්තිය තිබෙන්නේ මැද – වම එකතුවීමකට පමණයි. ඡන්ද දායකයින්ගෙන් 50%ක් පමණ තවමත් නිහඩව සහ අවිනිශ්චිතව සිටින බව පෙනෙනවා.

ලෝක ආර්ථිකයේ සංසරණය වන ඩොලර් ප්‍රමාණය අඩුවෙමින් තිබෙනවා. බ්‍රික්ස් රටවල් පහට තවත් රටවල් කිහිපයක් එකතුවුණා. තවත් රටවන් 59ක් සාමාජිකත්වය ඉල්ලා තිබෙනවා. ඩොලරය අතහැර දැමීමට මේ රටවල් සූදානම්.ජාත්‍යාන්තර වර්ධනයන් සහ ප්‍රවනතාවයන් පිළිබඳ අවබෝධයක් නොමැතිව අද ජාතික දේශපාලනය කරන්න බැරිබව මින් තේරුම්ගත යුතුය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නි.සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා…..රටට ආදරය කරන ජනතාව එක්වන්න තිබෙන එකම කඳවුර ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ හා ඒ සමග එක්ව සිටින සන්ධානය පමණක් බව කීවේය.මෙම අසුඑක්වන සැමරුම් රැස්වීම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කොළඹ දිසාවේ සභාපති වෛද්‍ය මනෝජ් ලියනගේ මහතා මුලසුන දැරුවේය.;

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments