විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුවි තිබේ.
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ පොලිස් පරික්ෂක එච්.කේ.එම්.ඒ. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව 2024.07.06 වන දින මාරවිල පොලිස් වසමේ කීල්ස් වෙළදසැල අසල දී මෙම වැටලීම් සිදුකර ඇත.
එහි දී ඉතා දුර්ලභ ගණයේ මිල කල නොහැකි කිලෝ 01, ග්‍රෑම් 105 ක් බර වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානම්ව සිටි මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු යතුරු පැදියක්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.
වටිනා ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොර තුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ උප පොලිස් පරික්ෂක කේ.ටි.ටි.එච්. කරුණාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව පන්නල පොලිස් වසමේ ලංකා බැංකුව අසල දී මෙම වැටලීම් සිදුකර ඇත.
එහි දී වටිනා ගජමුතු 02 ක් අලෙවි කිරීමට සුදානම්ව සිටි වාකරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු හා වඩුමුනේගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පුද්ගලයෙකු සමග වයස අවුරුදු 33 පසුවන කාන්තාවක් හා යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.
දීර්ග කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ජාවාරමිකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් හා මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.07.05 වන දින නිට්ටඹුව පොලිස් වසමේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී පස්යාල ප්‍රදේශයේ දී ජාවාරම් කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 යි, විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි පස්යාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 වන පුද්ගලයකු හා පැළියගොඩ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44, මිලි ග්‍රෑම් 230 සන්තකයේ තබාගෙන සිටි පැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි උප පොලිස් පරීක්ෂක එම්.ජි.ඒ.ඒ. දිල්හාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.07.05 වන දින පිටිගල පොලිස් වසමේ වාඩුවැලිවිටිය, රෑකඩහේන වත්ත ආසන්නයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති, 2024.03.11 පිටිගල පොලිස් වසමේ හොරන්ගොල්ල ප්‍රදේශයේ සිදුකරන ලද වෙඩි තැබීමට යොදාගන්නා ලද අවිය එකලස්කර, අධාර අනුබල දීමේ වරදට සැකපිට හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සන්තකයේ තබාගැනීමේ වරදට තල්ගස්වල, හොරන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වන පුද්ගලයකු යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
