21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්සාර් ක් සිනමා උළෙල-2024 සඳහා දේශීය චිත්‍රපට ප්‍රදර් ශනයට අයදුම්පත් කැඳවනු ලබයි.

සාර් ක් සිනමා උළෙල-2024 සඳහා දේශීය චිත්‍රපට ප්‍රදර් ශනයට අයදුම්පත් කැඳවනු ලබයි.

සාර් ක් සිනමා උළෙල-2024 සඳහා දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය ට අයදුම් පත් කැඳවීම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර තිබෙන අතර එය ලබන (31)ට පෙර එවිය යුතුයි.

ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත සාර්ක් සිනමා උළෙල වෙනුවෙන් නියෝජනය කිරීමට 2022 මැයි (01) දින සිට මේ වසරේ අප්‍රේල් (30) දක්වා මෙරට තුල ප්‍රදර්ශනයට මුදාහරින ලැබු වෘතාන්ත චිත්‍රපට දෙකක්, විනාඩි තිහකට නොවැඩි කෙටි චිත්‍රපට හතරක්,විනාඩි හතළිස්පහකට නොවැඩි වාර්තා චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය සඳහා තෝරාගනු ලැබේ.

ඒ අනුව ප්‍රකාශයට පත් කර තිබෙන නිර්නායකයන් සපුරන දේශීය චිත්‍රපට යොමුකරන ලෙස කොළඹ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉල්ලුම් කර ඇති අතර ඒ සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මේ සඳහා උනන්දුවක් දක්වන චිත්‍රපට නිෂ්පාදක වරුන් අදාල විස්තර ඇතුළත් කරමින් [email protected]
ඊමේල් ලිපිනය මගින් ලබන (31)ට පෙර එවිය යුතු වේ. අයදුම්පත්‍රයේ ඇතුළත් කළ යුතු විස්තර වනුයේ චිත්‍රපටයේ නම, ප්‍රදර්ශිත වර්ෂය, අධ්‍යක්ෂවරයාගේ නම,නිෂ්පාදකවරයාගේ නම, ධාවන කාලය, ලබාදීය හැකි තාක්ෂණ මාධ්‍ය (Format) වැඩිවිස්තර ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments