මේ සුන්දර දිවයිනේදී ඊශ්‍රායල් 76වන නිදහස් දිනය මෙතරම් අභිමානවත් අයුරින් සැමරිමට ලැබිම සතුටක් -ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති Mr. Naor Gilon.
ඒ මහතා මේ බව පැවසුවේ ඊශ්‍රයලයේ 76වන නිදහස් දිනය සැමරීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදි උත්සව සභාව ඇමතු ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය…..ඊශ්‍රායලයේ 76 වැනි නිදහස් දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔබට සුබ පතන්නට ලැබීම පිලිබඳ මම සතුටු වෙනවා. මෙම අවස්ථාවේදී , ඊශ්‍රායල රාජ්‍යයේ ජනාධිපති අයිසැක් හර්සොග් වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම භාග්‍යක් කොට සළකනවා.
ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ මීට වසර 58 කට කලින්. වසර 25 කට පෙර ටෙල් අවිව් හි නේවාසික දූත මණ්ඩලය විවෘත කිරීම මගින් අපගේ දිගුකාලීන සබඳතා සහයෝගීතාවයේ නව මානයකට ගෙන ඒමට තවදුරටත් දායක වී ඇති අතර එතැන් සිට අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස, අප රටවල් දෙක අතර සබඳතා වෙළඳාම සහ ආයෝජන, සංචාරක, සංස්කෘතිය, අධ්‍යාපනය, විද්‍යාව සහ කෘෂිකර්මය වැනි ක්ෂේත්‍ර ඇතුළුව සෑම ක්ෂේත්‍රයකම පුළුල් වෙමින් පවතිනු ලබනවා.
විදේශ රැකියා භාර අමාත්‍යවරයා වශයෙන් අපගේ ද්විපාර්ශ්වික සබඳතා මෙම අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන් කිරීම ඉමහත් සතුටට කාරණයක්. 2024 මාර්තු මාසයේදී මා ඊශ්‍රායලයේ සංචරය කළ අතර එම සංචාරයේදී කම්කරු හා කෘෂිකර්ම අමාත්‍යවරුන් ඇතුළු ඊශ්‍රායල රජයේ වැදගත් නියෝජිතයන් ගණනාවක් හමුවීමට හැකියාවක් ලැබුණා
මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍ය Miri Regev මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු විය. ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබා දුන් මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ලබනවා .
ගෘහ සහ හෙද අංශයට අමතරව ඉදිකිරීම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා අවස්ථා ලබා දී ඇති අතර අපගේ වාර්තාවලට අනුව, ඊශ්‍රායලයේ ගෘහ හෙද, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික අංශයන්හි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 10,000 කට අධික සංඛ්‍යාවක් සිටිනවා
පසුගිය වසර පහක කාලය තුළ ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සමස්ත වෙළෙදාමේ අගය අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙනවා . කෙසේ වෙතත්, අපි අපේ ද්වි-මාර්ග වෙළඳාම තව දුරටත් වැඩිදියුණු කළ යුතුයි . ආර්ථික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වෙළඳ නියෝජිතයින් එකිනෙකාගේ රටවලට ගොස් ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් දිරිමත් කළ යුතුයි .
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික විශිෂ්ටතා මධ්‍යස්ථාන ගොඩනැගීම සඳහා යෝජිත ත්‍රෛපාර්ශ්වික ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම වැදගත් වනවා .
මෙමගින් කුඩා හා විශාල ගොවිපළ හිමියන් ඉලක්ක වෙත සේවාවන් රැසක් ලබාදීමට හැකියාවක් ලැබෙනවා.ඒ නිසා ගොවීන්ට නව තාක්‍ෂණ සහ භාවිතයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන පරිදි පුළුල් පරාසයක කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ අවබෝධයක් ලබාගනු හැකියාවක් ලැබෙනවා
ඊශ්‍රායල සංචාරකයින් අපේ රටට නොකඩවා පැමිණීම පිලිබදව සතුටු වන අතර විශේෂයෙන් පසුගිය වසරේ සිට ඊශ්‍රායලයෙන් සංචාරක පැමිණීම්වල සැලකිය යුතු ඉහළ යාමක් ඇති අතර සංචාරක ව්‍යාපාරයේ තවත් වර්ධනයක් සහ ශ්‍රී ලාංකීය පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයින් වැඩි කිරීම ශ්‍රී ලංකාවට මෙන්ම ඊශ්‍රායලයට ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
අද මෙම සැමරුම් මධ්‍යයේදී ගාසා තීරයේ පවතින මානුෂීය තත්ත්වය කඩිනමින් විසදෙනු ඇතැයි ශ්‍රී ලංකාව ද ප්‍රාර්ථනා කරනු ලබනවා. සටන් විරාමයක් සහ සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස ලැබීම සහ පලස්තීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරය මත පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සඳහා වන අපගේ ඉල්ලීම නැවත මෙම අවස්ථාවේ අලුත් කරනවා.
අපගේ ජාතීන් දෙක අතර සබඳතාව වඩාත් දියුණු කිරීමට ගත් උත්සාහයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තනාපති අතිගරු Naor Gilon හට අවංකවම ස්තූතිය පුද කරමින් මාගේ කථාව අවසන් කරනු ලබනවා . සිය සේවය ගෞරවනීය ලෙසින් නිමකර නොදුරේදීම අපගෙන් සමුගන්නා තානාපති Naor Gilon ගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ඔහුට හදවතින්ම සුබ පතනවා.
අතිගරු නෝනාවරුනි, මහත්වරුනි, ඊශ්‍රායලය වෙනුවෙන් සෞදිය පිරීමට මෙම ප්‍රීතිමත් අවස්ථාවේ මා හා එක්වන ලෙස ඔබ සැමට ඇරයුම් කරනවා.
ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති Mr. Naor Gilon….ඊශ්‍රායලයේ 76 ජාතික දිනය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සැමරීමට ලැබීම පිළිබඳ තමන් ඉතා සතුටට පත්වෙනවා.
”මේ අපූරු රටේ කීර් තිමත් නායකයන් ඇතුළු ඊශ්‍රායලයේ බොහෝ මිතුරන් ශ්‍රී ලංකාවේදී හමුවීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වුණෙමි. මම මගේ ධුර කාලය අවසන් කර මෙම ගිම්හානයේදී ඊශ්‍රායලයට ආපසු යන බැවින් මෙම අවස්ථාව මගේ සමුගැනීමක් ලෙසද දක්වනු කැමැත්තෙමි. මෑත වසරවලදී, සංචාරක, වෙළඳාම සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා වැනි ක්ෂේත්‍රවල අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මගේ අනුප්‍රාප්තිකයා අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය වැඩි දියුණු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි”
ඊශ්‍රායල් තානාපති Naor Gilon ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්චා පැවැත්වූ අතර, දැනට පවතින සහයෝගිතා ක්ෂේත්‍ර සහ ජාතීන් දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව එහිදී අවධානය යොමුවිය . එමෙන්ම තානාපතිවරයා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගරු ලේකම් අරුණි විජේවර්ධන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.
Naor Gilon ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති වරයා මෙන්ම ශ්‍රි ලංකාවේ සහ භූතානයේ අනේවාසික ඊශ්‍රායල් තානාපතිවරයා ලෙසද කටයුතු කරයි

