ඩුබායිහි සැගව සිටින හංවැල්ලේ පොඩි තිලිණගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය Whatsapp තාක්ෂණය ඔස්සේ මෙහෙය වු ප්‍රධාන සැකකරු හෙරොයින් තොගයක් සමග පොලිස් විශේෂ කාර් යා බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මගපෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනූව කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කිරිඳිවැල පොලිස් වසමේ මැද්දේගම හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 980 සන්තකයේ තබාගෙන සිටි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පද්ගලයකු ජංගම දුරකථනයක්ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද, ඩුබායිහි සැගව සිටින හංවැල්ලේ පොඩි තිලිණ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඔහුගේ අනියම් බිරිඳ වන නේත්‍රා යන කාන්තාව විසින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන අතර ඔවුන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් එම මත්ද්‍රව්‍ය කඩුවෙල, කිරිඳිවැල, පූගොඩ හා හංවැල්ල යන ප්‍රදේශ වලට ගෙන ගොස් බෙදා හරින පුද්ගලයා මොහු වන අතර, මොහු Whatsapp හරහා සම්බන්ධ වී මත්ද්‍රව්‍ය විවිධ ස්ථාන වල තැබීම සිදු කරනු ලබන බවට වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී කරුණු අණාවරණය විය.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ දුරකථන උපාංග තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බුස්ස බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එන්.ආර්. කුමාරරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07 ) බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රෝහල සහ ඒ අවට ප්‍රදේශය තුල හදිසි සෝදීසි කිරිමක් සිදුකර ඇත.
එහි දී රෝහල සහ ඒ අවට ප්‍රදේශයේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථන 03ක් සහ එම අමතර උපාංග සමග සිමෙන්ති හා පොටි අඩංගුව තිබූ පාර්සලයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇත.
