25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රටේ ජනතාවගේ සර්වජන ඡන්දබල අයිතිය ජයග්‍රහනය වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා -...

රටේ ජනතාවගේ සර්වජන ඡන්දබල අයිතිය ජයග්‍රහනය වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානුව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විහිලුවට ලක් කරන යුගයක් වර්තමානය වනවිට නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ජනතා පරමාධිපත්‍ය රජයන රටක් ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුන වන විධායක, ව්‍යවස්ථාදායකය, අධිකරණය, බලය බෙදා දීම සංවරණ සහ තුළණ ප්‍රතිපත්ති තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ස්ථාපනය වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

පවතින රජයත් ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකට යොමුවන බව රටේ බහුතර ජනතාවගේ මතයක් තිබෙන බවත් ජනතා පරමාධිපත්‍ය පිළිබඳව, මැතිවරණ පිළිබඳව, ජනතාවගේ ස්වෛරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය කතා කරමින් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් ජන වරමක් නැති ජනාධිපතිවරයා තමන්ගේ බලය පවත්වාගෙන යාමට ව්‍යවස්තා විරෝධි ක්‍රමවේදයන් අනුගමනය කිරිම ලැජ්ජා සහගත ක්‍රියාවලියක් බවත් විපක්ෂ නායකතුමා පැවැසීය.

පළාත් පාලන මැතිවරණ නොපවත්වා සිදුකළ කටයුත්ත ජනාධිපතිවරණය සඳහාත් යොදාගනිවිදැයි කියන සැකය මතුවෙන බවත් පළාත් පාලන ආයතන වල සභිකයින් ප්‍රමාණය අඩු කරන්න අවශ්‍ය බවත් සීමා නිර්ණය කිරීමට අවශ්‍ය බවත් මැතිවරණය පවත්වන්න මුදල් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සමාජිකයන්ව ජනාධිපතිවරයා කැඳවනු ලැබූ බවත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා ඇප භාර ගැනීම නතර කරන ලෙස තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට බලපෑම් කළ බවත් එවැනි තත්ත්යක් තුළ සාධාරණ සැකයක් ජනාධිපතිවරණය පිළිබඳව මතුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

මැතිවරණ නියාමනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් ගෙන ඒමට කටයුතු කළ බවත් තරුණ නියෝජනය ගැන යෝජනා ගෙන ඒමට කටයුතු කළ බවත් මැතිවරණ පැවැත්තුවොත් නියමිත දිනයට රාජ්‍ය සේවක වැටුප් ලබාදීමට නොහැකි බව ප්‍රකාශ කළ බවත් මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ට ඉවත් වන ලෙස මරණ තර්ජන ගෙන ආ බවත් මැතිවරණ කොමිසමේ ගණ පූර්ණයටත් බලපෑම් එල්ල කළ බවත් මැතිවරණ කොමිසමේ සිටි හිටපු සාමාජිකාවකට තැග්ගක් දෙන්නත් ආණ්ඩුව කටයුතු කළ බවත් මේ කරුණු හේතුවෙන් ජනාධිපතිවරණය පිළිබඳව සාධාරණ සැකයක් මතුවෙන බවත් මැතිවරණයක් කැඳවා ඇති මොහොතක කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීමටත් අයදුම්පත් කැඳවීමක් සිදුකළ බවත් රජයේ මූල්‍ය ප්‍රවාහය ගලා යාමට බාධා කරමින් වියදම් සීමා ඇතුළත් කරපු චක්‍රලේකයකුත් ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments