අදමේ වේදිකාවේ ඉන්නේ දක්ෂ මිනිස්සු ගොඩක් එකට එකතු වෙලා. එදා වෙනස් පැතිවල හිටපු අය අද රට ගොඩනගන්න ඔබ ගොඩනගන්න ඔබේ දරුවන් වෙනුවෙන් එකට එකතුවුණු ජාතියේ අපේක්ෂකයා වෙනුවෙන් එකට එකතුවුණු කණ්ඩායම තමයි අද මහනුවර මෙම වේදිකාවේ සිටින්නේ යැයි එක්වෙමු ජයගම්‍ර මැයෙන් මහනුවර පැවැති ජනරැලියට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානයක්කාර මහතා පවසයි.
එහ්ිදි වෑඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේ ද කීය……ජනාධිපතිතුමනි අපි අද මහනුවරට ඇවිල්ලා තිබෙන්නේ සුභ ආරංචි අරගෙනයි. ඒ සුභ ආරංචි තමයි මෙපමණ කල් වීදිවලට වලට මහමාර්ගවලට කෑගසමින් ජනතාවය අපහසුතාවයට පත් කරමින් පැවැති දුම්රිය වර්ජනයේදී මිනිස් බිල්ලක් අරගෙන . පස්සේ සොරි කියලා මේකේ අයින්වෙනවා කියලා කිව්ව ජනතා විමුක්ති පෙරමුණ , මාලිමාවම අද තමන්ට ආණ්ඩුවක් ගන්න බෑ. ජනාධිපති පුටුවට යන්න බෑ. රැල්ල විතරයි ෆේස් බුක් විතරයි වැඩ කියන එක තේරුම්ගෙන තමන්ගේ පසුගාමිත්වය, පරාජය පිළිගෙන එකට අත්වැල් බැඳගෙන සිටින සියලු වර්ජකයින්ව පාවාදීලා සුපුරුදු ලෙස සොරි කියලා 88,89දී තරුණයින් හැටදහසක් මරලා ඒකටත් සොරි කිව්වා වගේම අදත් අරගල කරන්න ගිහිල්ලා අදත් පස්ස බිම ඇණගෙන රනිල් වික්‍රමසිංහ මහතා දිනන බව ඒ අයම පිළිගෙන තිබෙනවා.
අද පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු රට වෙනුවෙන් සිට සියලු කණ්ඩායම් අද එකට එකතුවෙලා අරගල කරන , වර්ජන කරලා රට කඩාකප්පල් කරන්න ජනතාව බිත්තිටය හෙත්තු කරන්න හදන අයට කණේ පහරක් ගහලා ඒ මිනිස්සුන්ව නැගිට්ටලා ඉදිරියට ගන්න අයයි. තෙල් නැති රටට තෙල් දීලා, ගෑස් නැති රටට ගෑස් දීලා උද්ධමනය වැඩිවු රටේ උද්ධමනය බස්සලා
බඩුමිල වැඩිකළ රටේ එය බස්සලා. වතු කම්කරුවට වැටුප වැඩිකරලා ඒ ජනතාවට සේවක අර්ථසාධක අරමුදල හ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ගෙවන්න මුදල් වෙන්කර දීලා. අස්වැසුම දීලා. ඉඩමේ හා නිවසේ අයිතිය දීලා. මිනිසුන්ව ශක්තිමත් කරලා වගේම ආනගතයටත් ඔබව ශක්තිමත් කරන කණ්ඩායම තමයි මේ ඇවිල්ලා සිටින්නේ. රටවට්ටන අය කණේ පහරක් දෙන්න තමයි අද ඇවිලලා සිටින්නේ.
ඊයේ මම සිටියේ කිලිනොච්චියේ මම ඒ තරුණයින්ගෙන් ඇහැව්මා මේ ක්‍රිකට් සෙල්ලම් කරන පිට්ටනි තිබෙනවාද කියලා එවිට එ අය කිව්වා අර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්තයත් ඇවිල්ලා අපෙන් ඒක ඇහැව්වා කියලා එයා මේ රටේ නොවේ ඉඳලා තිබෙන්නේ එයා එහෙත් පාපන්දු ගහනවා, මෙහෙ ක්‍රිකට් ගහනවා. එයා අපේ රටේ සිටින විපක්ෂ නායකද කියලා මගෙන් ඇහැව්වා. හැබැයි එහිදි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කියන කොට අත් දෙකම උස්සලා දුන්න ආරංචිය සුභයි.
දැන් සජිත් පිලේ සිටින මන්ත්‍රීවරුන් එන්න ආසයි බයයි. අපි කියන කොට මේ වේලාවේ රනිල් තමයි කියලා සජිත් පිලේ අය කියනවා මේ වෙලාවේ සැලසුම් හදලා තියෙන්නේ සජිත් කියලා එයා සැලසුම් හදන කොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉඩම් ටික දෙනවා, තරුණයින්ට ව්‍යසාකත්වයට මග කියන වැඩටික කරලා ඉවරයි. කඳුකරයේ ඉඩම්දීලා,අස්වැසුම දීලා ඉවරයි. ඒ සැලසුම් රනිල් ක්‍රියාත්මක කරලා ඉවරයි. පාසැල් දරුවන්ට සනීපාරක්ෂකතුවා දෙන්න වැඩපිළිවෙල හදලා ඉවරයි. ඒ නිසා සජිත් පිලේ සිටින බොහෝ දෙනකුගේ හිතේ තිබෙන්නේත් මේ වේලාවේ රනිල් තමයි කියලයි. මේ රටේ නවවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිරීමට මේ සියලු දෙනා එකට එකතු වී ක්‍රියා කරන බව අවධාරණය කළ යුතුයි.