අධි මාත්‍රාව සහිත (Neurobellu) වර්ගයේ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට කලාප අණදෙන නිලධාරී ඡේෂ්ඨ පොලිස් අධිකාරී ගුනසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ මගපෙන්වීමෙන් කලවංචිකුඩි කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.එල්. ක්‍රිෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14 ) එරාවුර් පොලිස් වසමේ කුඩියිරිප්පු හංදිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ජාවාරම් කිරීම සඳහා රැගෙන එන ලද අධි මාත්‍රාව සහිත (Neurobellu) වර්ගයේ මත්පෙති 180 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා එරාවුර් පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදි.
කිලිනොච්චිය ප්‍රදේශයේ දීර්ඝ කාලයක පටන් කේරළ ගංජා ජාවාරම් කල පුද්ගලයකු කේරළ ගංජා කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය භාර කලාප අණදෙන නිලධාරී ඡේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ මගපෙන්වීමෙන් කිලිනොච්චිය කඳවුරේ පොලිස් පරීක්ෂක පී.ජී.එස්.ඩී.සී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) කිලිනොච්චිය පොලිස් වසමේ පන්නංකන්ඩි සරස්වති ග්‍රාමය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සඳහා රැගෙන එන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑම් 395 ක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු ජංගම දුරකථනයක් ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදි.