29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මෙවර ජාතිකත්ව කඳවුරක් නැහැ අපේ හාමුදුරුවනේ, වෙන වෙන වෙනම හිටියට ඔය ඔක්කොම...

මෙවර ජාතිකත්ව කඳවුරක් නැහැ අපේ හාමුදුරුවනේ, වෙන වෙන වෙනම හිටියට ඔය ඔක්කොම එකම කණ්ඩායමක්-මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර මහනා

මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර මහනායක හිමිවරුන්ය සර්වජන බල උපාය මාර්ගික සැලසුමේ පළමු කෙටුම්පත් ඉදිරිපත් කරමින් කියයි.

ශ්‍රී ලාංකීය සභ්‍යත්වය මුලික කරගත් ජාතිකවාදී, දේශප්‍රේමී ව්‍යවසයකත්වයෙන් බල ගැන්වෙන අනාගත ශ්‍රී ලංකාවක් නිර්මාණශීලිව ගොඩ නැගීම සඳහා ”එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් ” තේමාවෙන් ඉදිරිපත් කෙරුණු සර්වජන බලය උපාය මාර්ගික සැලසුමේ පළමු කෙටුම්පත් මහනායක හිමිවරුන්ට පිළිගැන්වීම සහ පළමු කෙටුම්පත් පිළිබඳ දීපව්‍යාප්ත ජනතා සංවාදය ඊයේ 13 මහනුවරින් ආරම්භ කළේය.

මෙවර ජාතිකත්ව කඳවුරක් නැහැ අපේ හාමුදුරුවනේ

සර්වජන බලය එකමුතුවේ නායකයින් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් සහ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් බැහැදැක සිය කෙටුම්පත පිළිගන්වනු ලැබීය.

එහිදී අති පුජ්‍යය අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් අභිමුව දිලිත් ජයවීර මහතා සඳහන් කර සිටියේ අපගේ සභ්‍යත්වය මුල් කරගත් ජාතිකත්ව දේශපාලනයක් වර්තමානයේ දේශපාලනයේ නියුතුව සිටින ප්‍රධාන කණ්ඩායම් වලින් සිදු නොවන අතර ඔවුන් වෙන් වෙන්ව පෙනී සිටියද එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි. එහිදී ‘සර්වජන බලය ඉදිරි වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකි වේවායි” අනු නායක හිමියන් වහන්සේ ගේ ආශීර්වාද ලබා ගත් පිරිස පැමිණ සිටි මාධ්‍ය අමතමින් මෙසේ අදහස් දැක්විය

අද වන විට මේ රටේ දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපයන් හා හැසිරීම පිළිබඳව රටේ ජනතාව ඉතා හොඳින් අධ්‍යනය කොට තිබෙනවා. ඔවුන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය පිළිතුර දෙයි. මැතිවරණ සමයක දී දේශපාලන පක්ෂ හා සන්ධාන මගින් මෙතෙක් කල් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට ජනතාවට වගකියන, උපායමාර්ගික වැඩපිළිවෙළක මූලික කෙටුම්පත අපි අද ඉදිරිපත් කළා. තවත් අදහස් ලබා ගනිමින් මෙය තවත් පෝෂණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව.  ඒ සඳහා විශේෂයෙන් මල්වතු අස්ගිරි මහනායක බැහැදැක ආශිර්වාද ලබාගෙන උන්වහන්සේලා ගේ අදහසුත් ලබා ගත්තා. මේ රට බංකොලොත් යැයි කියන්නේ තාක්ෂණික වශයෙන්. සම්පත් අතින් හෝ මානව ප්රාග්ධනය අතින් රට බංකොලොත් වී නැහැ. අපේ රටේ  මින්ස්සුන්ට  ආත්ම විශ්වාසය තිබෙනවා. ඒ ශක්තිය තුළින් රට ගොඩ නැගීම අසීරු නැහැ. අපි අනිවාර්යයෙන්ම මෙවර මැතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.”යැයි පැවසීය.

සුසිල්ට ධර්මයෙන් උත්තර

ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විවේචනය කරමින් දී පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේ සභානායක ඇමති සුසිල් ප්‍රේමජයන්ත සිදු කරන ලද ප්‍රකාශ පිලිබදව  අදහස් දක්වමින් “අත්තානං උපමංකත්වා – න හනෙය්‍ය න ඝාතයේ” යන බුදු වදනට අනුව තමා උපමාවට ගෙන අන් අය ඝාතනය නොකරන්නැයි  දිලිත් ජයවීර මහතා පැවසීය.

 “අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට මම අනුකම්පා කරනවා. මම කැමති නැහැ එතුමාට පෞද්ගලිකව උත්තර දෙන්න. මොකද ලංකාවේ මිනිස්සු  ශ්‍රී ලාංකික දේශපාලකයින් ගැන වෙන වෙනම බොහොම දැනුවත්.” යැයිද සඳහන් කළේය.

සර්වජන සංවාදය ඇරඹේ

මෙහිදී මහනුවර පැවති සර්වජන සංවාදයට එක් වෙමින් ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමනස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන සහ යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු අපේක්ෂකයා කවුද කියලා රටට හෙළි කරනවා. ජනාධිපතිවරණයට පෙර විශාල ඔලු ගෙඩි මාරුවීමක්ද සිදුවීමට නියමිතයි. රට ගැන, අපේකම ගැන, රටේ සභ්යත්වය වෙනුවෙන් අපි පෙනී හිටියා. 2019 ජනපතිවරණය එළඹෙන ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි එකම අපේක්ෂකයා වුණේ ගෝඨාභය යි. ජනපති ධූරයට පත්ව කෙටි කාලයක් යනවිට පවුලේ අයට විශේෂ ප්රමුඛතාවක් දෙමින් ඔහු වැඩේ අනා ගත්තා. රට කරගන්න බැරි වුණාම  විජාතික කඳවුරේ නායකයා වූ රනිල් ට රට බාර දුන්නා. රනිල් ජනපති කරන්න අපි උදව් කළේ නැහැ. ඉතාම පැහැදිලිව අපි 2019 දී  පිරිසිදු කඳවුරක් ගොඩ නැගුවා. නමුත් ඒක අසාර්ථක වුණා. ඒ සම්බන්ධව ස්වයංවිවේචනයක් අපිට තිබෙනවා.  නමුත් එහෙම කියලා මේ රට අත්හැර දාන්න බැහැ. ඡන්ද කිට්ටු වනවිට දේශපාලන තීන්දු තීරණ ගන්නේ විවිධ ලාභ අපේක්ෂාවෙන්. පෞද්ගලිකව මම තීරණ ගන්නේ  රට, ජාතිය අපේකම ගැන හිතලයි. මේ වනවිට අපේ පිරිසක් සමගි ජනබලවේගය හා එකතු වී සිටිනවා. ඇතැම් අය දැන් ගත්ත තීරණ ගැන පසුතැවිලි වෙනවා. ගත්ත තීන්දු තීරණ ගැන පසුතැවිලි වෙන  අය වෙනස් වෙන්න පුළුවන්. තාමත් තීරණ නොගත් අය අලුත් තීරණ ගන්න පුළුවන්. ජනපතිවරණයට පෙර ඔළුගෙඩි මාරු සිදු වෙනවා. කාවින්ද ජයවර්ධන ඔන් ලයින් පනතට විරුද්ධව ඡන්දය දිපූ එක ගැන කනගාටු වෙනවා කියලා පාර්ලිමේන්තුවේ දී  ප්රකාශයක් කළා. දවස් දෙක තුනකට කලින් එතුමා ගේ සමීප ඥාතියෙක් වන රාජිත සේනාරත්න සජිත් ප්රේමදාස පාසල් වලට ගිහින් කරන වැඩගැන ලොකු විවේචනයක් කළා. පාර්ලිමේනතුවේ සිදුවන මාධ්ය වලින් පෙන්වන දේවල් වලට වඩා පිටතට නොපෙනෙන ඇතුළතිින් තවත් විවිධ සංවාද තිබෙනවා. ඉදිරි සති දෙක තුන ඔළුගෙඩි මාරු සෑහෙන ප්රමාණයක් වෙයි කියලා තමයි අපි හිතන්නේ. තමන් ගේ වාසියට මාරුවන අය අපට වැදගත් නැහැ. අපේ සන්ධානයේ  විධායක සභාවක් තිබෙනවා. ජනපතිවරණට ඉදිරිපත් කරන පුද්ගලයා එමගින් තීරණය කරනවා. වඩාත් හැකියාව තිබෙන සුදුසුකම තිබෙන කෙනා ජනපතිවරණයට එයි. 2019 ජනපතිවරණයේ දී හා 2020 මහ මැතිවරණයේ දී  ජනතාව නිවැරදි තීන්දුවක් දුන්නා. බලය ලබාගත් කණ්ඩායමට නිවැරදි මගේ ගමන් කිරීමට නොහැකි වූ නිසා තමයි ප්රශ්න ඇති වුණේ.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

පසුගිය ජනපතිවරණයේ දී  අපි දිනෙව්වේ පුද්ගලයෙක් නොව සෞභාග්යයේ දැක්ම නැමැති ප්රතිපත්ති ප්රකාශනය යි. විසිවැනි සංශෝධනය එනකොට ආණ්ඩුව පත්වෙලා මාසය යි. එ්කට විරුද්ධව  අපි ආණ්ඩුව ඇතුළේ අරගලයක් කළා. සෞභාග්යයේ දැක්ම ඔස්සේ ජනතාවට දුන්න ප්රතිඥාවක් තිබෙනවා. ඒක ප්රතික්ෂේප කළ පළමු අවස්ථාවේදීම  අපි ඊට එරෙහිව හිට ගත්තා. වරාය අධිකාරිය යටතේ දියුණු කරනවා කිව්ව නැගෙනහිර ජැටිය අදානිට දෙන්න යනකොට අපි විරුද්ධ වුණා. එදා යහපාලනය යටතේ එම්.සී.සී එට්කා ඇතුළු ගිවිසුම ගණනාවක් ක්රියාත්මක කරන්න සැළසුම් හදලා තිබුණේ. අද නැවතත් එට්කා ගිවිසුම ගේන්න හදනවා.  මේ ඔස්සේ ඉන්දියාවේ ලක්ෂ සංඛ්යාත ජනතාවගේ ලාභ ශ්රමයට අපේ රටේ රැකියා වෙළෙඳ පොළ විවෘත කරන්න යන්නේ. මේක ක්රියාත්මක කළොත් අපේ තරුණයින්ට මොක ද වෙන්නේ. මව්බිමේ ස්වාධීනත්වය අපි අද වනතුරු රැකගෙන තිබෙනවා.  මව්බිම මේ අර්බුදයෙන් මුදා ගන්නා දින වකවානු සහිත වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. මේ ප්රතිපත්ති ප්රකාශනයේ ඇති කරුණු නොසලකා කටයුතු කළොත් ජනතාවට  ඒ සම්බන්ධයෙන්  අධිකරණය යෑමට වුවත් පුළුවන්. අද මේ රටේ බලය ඉල්ලන නායකයින් උතුරට ගිහින් කියන දේ නෙවෙයි දකුණේ කියන්නේ. රනිල්, සජිත්, අනුර තුන්දෙනාම  උතුරට ගිහින් 13 බලාත්මක කරන බව කියනවා. එදා ජේ.ආර් ඉන්දු ලංකා ගිවිසුමෙන් රට පාවා දුන්න වුණත් ඔහු 13 වැනි සංශෝධණය ගෙනාවේ ඉතාම අකමැත්තෙන්.  ජනපති රනිල් උතුරට ගිහින් කියනව 13 බලාත්මක කරනවා කියලා. සජිත් ඊට එහාට ගිහින් එයාට වාඩා හොඳට මම මේක කරන්නම් කියනවා. අනුරත් ගිහින් ඒකම කියනවා. කෝ මේ මව්බිම වෙනුවෙන් බලවේගයක්. 2015 දී විජාතික බලවේග ශක්තිමත් වුණා. 2019 දී අපි ඒක පරාජය කළා. අද නැවතත් විජාතික බලවේග බලවත් වෙලා. මව්බිමේ අනාගතය සුරක්ෂිත කරන වැඩපිළිවෙළක් ඇති එකම කණ්ඩායම අපි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments