27.3 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මැතිතුමාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත විය ..(2020.12.14)

මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර ඇති අතර 2016 වර්ෂයේදී ඒ සදහා මුල්ගල් තැබීම සිදු කර ඇත.

සර්ව ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව ගොඩනැගිලි සංකීර්ණය තුළ කිරි ඉතිරිවීම සිදු විය.

බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම අති පුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් සිදු කළ අතර ෂර්ලි මුතුකුඩ ආරච්චි පියතුමා විසින් කිතුනු ආගමික වතාවත් සිදු කරන ලදී.

රාජා මොහාන් කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළ අතර ෂේක් උෂාමා නුර්මත් මවුලවිතුමන් විසින් ඉස්ලාම් ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද සිදු කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල තුළට අභිනවයෙන් වැඩම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා බුද්ධ පුජා පැවැත්වීම ද අති පුජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ මුලිකත්වයෙන් සිදු විය.

විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව විශේෂ උත්සව සභාව පැවැත්විණි.එහි පිළිගැනීමේ කථාව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසින් සිදු කළ අතර නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි යන මහත්වරුන් උත්සව සභාව ඇමතීම සිදු කළේය.ස්තූති කථාව වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් සිදු කරන ලදී.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් නීතිඥවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments