කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය නිසා අසරණවී සිටින ජනතාවට හා තවත් ප්‍රදේශවල තම කර්මාන්ත බිඳවැටීම නිසා ආදායම් අහිමිවි සිටින ජනතාවට සහල් සහා වියළි ආහාර සහිත සහන මලු බෙදාදීම තාරුණ්‍යට අරුණැල්ලක් සංවිධිනයේ මෙහෙයවීමෙන් ඉකුත් සතියේ සිදුකෙරිණි. මෙහිදි තිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිනි තිලිනි ප්‍රියමාලි මහත්මිය හා තාරුණ්‍යට අරුණැල්ල සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඉසුරු බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වසංගතයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහල් කිලෝ විසිදහසකට අධික ප්‍රමාණයක් සහ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදුකෙරිණි. ඒ අනුව කොළඹ කුරුඳුවත්ත හැටේ වත්තේ පීඩාවට පවුල් තුන්සීයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ ඉදිරිපිට සිදුකෙරිණි. දෙවන අදියර ලෙස බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කිරුළපන අවට නගර සභා සේවකයින් සඳහා හා හබරණ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ පීඩාවට පත් ජනතාවට බෙදාදීම සිදුවිය. තෙවන අදියර ලෙස සහල් කිලෝ තුන්දහක් හා වියළි ආහාර ද්‍රව්‍ය බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට භාරදීම වැලිකඩ පොලිසිය ඉදිරිපිටදී භාරදීම සිදුවිය. එයට සමගාමීව කොළඹ පොලිස් කේෂත්‍ර බලකා මූලස්ථානයේදී පොලිසියේ නිරෝධායනය වන පවුල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමද සිදුකෙරිණි.
කොයිඩ් නිසා අසරණ ජනතාවට තාරුණ්‍යට අරුණැල්ලක් සංවිධානයෙන් සහන
RELATED ARTICLES