පළාත් සභා ඡන්දය පවත්වා, පළාත් සභා මට්ටමේ තිබෙන්නා වූ මේ බලය හා වගකීම් ඉටු කිරීමට මහජන ඡන්දයෙන් තේරී පත්වූ මහජනයාට වගකියන නියෝජිතයින් වහාම පත් කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යතුමා මේ බව පැවසුවේ ජල සම්පාදන අමාත්‍යාංශයට අයත් ජල සම්පත් මණ්ඩලයේ රත්මලාන පිහිටි යාන්ත්‍රික වැඩබිම හා ප්‍රධාන ගබඩා සංකීර්ණය 2020.12.14 දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යතුමා.
මේ රටේ දේශපාලනය දිහා බැලුවහම රටේ පාලන කටයුතුවලට තල තුනක අපි පුරුදු වෙච්ච පිළිවෙලක් තිබුණා. පලවෙනි තලයේ කැබිනට් මණ්ඩලයේ විධායක බලයත් පාර්ලිමේන්තුවත්, දෙවැනි තලය පළාත් සභාව වන අතර තුන්වැනි තලයේ ප්‍රාදේශීය සභාව. මේ එකකටවත් පුළුවන් කමක් නෑ අනික වෙනුවට ආදේශ වෙන්න. ඒ විදිහට මේක හැදිලා තියෙන්නේ. පාර්ලිමේන්තු කටයුතු ප්‍රමාණය බැලුවාම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේ ඔක්කොම බලන්න බැහැ. පළාත් සභා මට්ටමේ කෙරෙන බලන දේවල් ඒ වගේමයි. ප්‍රාදේශීය සභාවට තියෙන සීමිත බල ප්‍රදේශය අනුව බැලුවහම, ඔවුන්ට පුළුවන් කමක් නැහැ ඊට ඉහල තලයක තියෙන විධායක කටයුතු ගැන සොයා බලන්න. මේ අනුව පළාත් සභා අවශ්‍යයි.
මෙච්චර කල් පළාත් සභා තියෙනවා. නමුත් පළාත් සභා තිබුනට මහජනයාට තමුන්ගේ ඡන්දෙන් තෝරා පත්කර ගන්න තමන්ගේ මන්ත්‍රීවරු නියෝජිතවරු බැරි වී තිබෙනවා. ඒකට හේතුව පහුගිය ආණ්ඩුව කාලේ කරපු ලොකු අයුතුකමක් පාර්ලිමේන්තුවට ගෙනාවා. අලුත් ඡන්ද ක්‍රමයක් හදන්න කියලා ඒ ගෙනාපු ඒ වාර්තා වලට එයාලත් ඡන්දෙ දුන්නෙ නෑ. ඊට පසුව මේක කල් මැරෙන්න ඇරියා. ඡන්ද වලට මුහුණ දෙන්න බයේ.
වහාම පළාත් සභා ඡන්දය පවත්වලා මේ රික්තය පුරවලා, පළාත් සභා මට්ටමේ තිබෙන්නා වූ මේ බලය හා වගකීම් ඉටු කිරීමට මහජන ඡන්දයෙන් තේරී පත්වූ මහජනයාට වගකියන නියෝජිතයින් වහාම පත් කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා නියතයි. දැනුත් මේ කාරණය ප්‍රමාද වෙන්න තවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නෑ
ප්‍රශ්නය – මේ වර්තමාන ආණ්ඩුවෙන්ම ප්‍රධානින් කිව්වා පළාත් සභාව ඕනෙ නැහැ කියලා පළාත් සභාව සුදු අලියෙක් කියලා.එක එක්කෙනාට එක එක මත තියෙනවා. සුදු අලියෙක් නම් නෙමෙයි. එහෙම බැලුවොත් දැන් පළාත් සභාවෙන් මොකද කරන්නේ වැටුප් ගෙවන එක. ඉතින් පළාත් සභාව වැටුප් ගෙව්වේ නැත්නම් මහා ආණ්ඩුව වැටුප් ගෙවන්න ඕනේ. ඉතින් මහා ආණ්ඩුව ගෙවන වැටුප් තමයි පළාත් සභාව එයට ගෙවන්නේ. ඊළඟට ප්‍රාග්ධන වියදම් එතකොට මහා ආණ්ඩුවට මධ්‍යම වශයෙන් මුළු රටම ගැන හිතලා වැඩ කරන අතර පළාත් සභාව ඒ ප්‍රදේශය වශයෙන් හිතලා අවශ්‍ය කරන සංවර්ධන කටයුතු කරනවා.
ඒවා බොහෝ සෙයින් ජනතාවගේ උවමනාවන් එක්ක සමීප වෙලා යනවා. ඒ නිසා මේ තල තුනේම මේ පාලනය තිබෙන්නට ඕන. පළාත් සභාවල ඇති උනානං අඩුපාඩු, ඒව මගහැරවල පළාත් සභාවල යම් දූෂණ තිබුණා නම් අපි විගනක අංශය බලවත් කරලා, පළාත් සභාවල ක්‍රියාකාරීත්වයට තව නීති උවමනා නම් නීති හදලා, පළාත් සභාවට අයිති කුඩා වාරිමාර්ග, කුඩා මාර්ග, එතකොට සුබසාධනය, පාසල් විශේෂයෙන්ම ප්‍රාථමික ද්විතීයික පාසල් මේවා දියුණු කිරීමට රජය විශාල මුදලක් වෙන් කරන්න යනවා. ඒවා ගැන ලඟින් සමීපව හොයා බැලීමට ඒ පළාතේ සභාවත්, ඒ පළාතේ මහජනයා තෝරන නියෝජිතයෝ අත්‍යවශ්‍යයි.
ප්‍රශ්නය – ඇමතිතුමා දැන් ඔබතුමා ලොකු හඬක් නැගුවා මහජන උපයෝගීතා කොමිෂම සභාව ගැන නමුත් දැන් මේක අහෝසි වෙලා තියෙනවා.
නෑ අහෝසි වෙලා නැහැ. අහෝසි කරන්නත් බැහැ. අහෝසි කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් පනතක් ගෙන ඒමෙන් පමණයි. ඒක විදුලිබල පනතේ තියෙනවා. ඒකෙන් කියන්නේ මහජන උපයෝගීතා කොමිසම තිබිය යුතුයි. ආයෝජන පිළිබඳව තීන්දු ගන්න. ඒ වගේම මහජනයගෙන් අය කරන ගාස්තු පිළිබඳ තීරණ ගන්න ඊට අමතරව අපේ ජල සම්පාදන කටයුතුවලට විශාල මෙහෙවරක් ඔවුන් කරනවා. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා ඔවුන් මහජන මත විමසලා අපේ ජල සම්පාදන මණ්ඩලයේ ඇති විය යුතු දියුණුවීම් මොනවද කියලා අපට උපදෙස් දෙනවා.
ප්‍රශ්නය – දැන් එතකොට මේ වෙනකොට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කීපදෙනෙක් ඉල්ලා අස්වුණා?
ඔව් ඒ වෙනුවට වෙන අය පත්කර ගත හැකියි.
ප්‍රශ්නය – කොමිසම අහොසි වෙලා නැද්ද?
කොමිසම අහෝසි වෙලා නෑ.
ප්‍රශ්නය – එතකොට ලේකම්වරයා මොකද කිව්වේ?
ලේකම් වරයා මොකක් කිව්වද කියල මම දන්නෑ නීතිය තත්වය මේකයි. ආණ්ඩුවේ අදහසත් මේකයි.
ජල සම්පත් මණ්ඩලයේ සභාපති ඩි.ජේ. සමරසිංහ, සාමාන්‍යධිකාරී ජි.ආර්.ආර්. කරුණාරත්න, අධ්‍යක්ෂ එච්.එම්.ආර්. කිරිඇල්ල, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් වෘත්තීය සමිති නියෝජිතයින් මෙම අවස්ථාවට එක්විය.