29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුවීමේ පාරිභෝගිකයාට ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම්...

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුවීමේ පාරිභෝගිකයාට ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආරම්භ කර තිබේ.

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකිරීම සඳහා රජය කටයුතු කර තිබුණද ඊට සාපෙක්ෂව භාණ්ඩ හා සේවාවල මිල පහළයෑමත් සිදුවි නොමැති බව නිරන්තරයෙන් මහජනතාව මැසවිලි නගන අතර නිතර මේ පිළිබඳ සාකච්ඡාවට ලක්වෙමින් තිබේ.

අදාල සහන පාරිභෝගිකයා වෙත ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර ඇත. ඒ අනුව දිවයිනපුරා හෝටල්, ආපනශාලා, හා අනෙකුත් වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂා කිරීමටත් භාණ්ඩ හා සේවාවවල මිළගණන් ප්‍රදර්ශනය පිළිබඳවද විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමටත් නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙන බව එහි සභාපති ටී.අයි.උඩුවර මහතා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments