26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොරෝනා කාන්තාව හමුවූ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

කොරෝනා කාන්තාව හමුවූ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාව මිනුවන්ගොඩ පිහිටි සිය කර්මාන්තශාලාවේ සේවයකරන සාමාජිකාවක් බවට බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලුම මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් එම ආසාදන තත්ත්වය කලින් ම හඳුනාගෙන එම සාමාජිකාව ප්‍රථිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කළ බවත් එම සමාගම පවසයි.


මෙම ක්‍රියාවලිය සඳහා අදාළ බලධාරීන්ගේ උපදෙස් මත එම නිළධාරින්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට සිය සමාගම කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ. 

වෛරසය ව්‍යාප්ත වීම මුළුමනින්ම නවතා දැමීම සඳහා එම සාමාජිකාව සේවය කළ පරිශ්‍රය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේවන විට ද ගෙන ඇති බවද ඔවුන් පවසයි. 

එම රෝගියා සමග කටයුතු කළ එම පරිශ්‍රයේ තවත් සාමාජිකයන් 45 දෙනෙක් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද වහාම නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරන බව ද බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයේ සඳහන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments