ජාතික තොරතුරුහා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට පවුල් සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ ස්ථාවර දුරකථන සේවා පැකේජයක් හඳුන්වාදී තිබේ. ‘SLT-MOBITEL Unlimited Voice’ ලෙසනම්කරඇතිමෙමපැකේජයමඟින්, ශ්‍රි ලංකාවේ අවම ස්ථාවර ගාස්තුවක් යටතේ ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන ජාලයක්වෙත අසීමිතව ඇමතුම් ලබාගැනීමට පහසුකම් සලසා දී තිබේ.
ස්ථාවරදුරකථනයනුඅතිශයවිශ්වාසනීයසන්නිවේදනමාධ්යයක්ලෙසසැලකෙනබැවින්තවමත්බොහෝපිරිසක්තමසන්නිවේදන අවශ්‍යතා සඳහා ස්ථාවර දුරකථන සේවා භාවිතා කරති. මෙම අසීමිත ඇමතුම් පැකේජය හඳුන්වාදී ඇත්තේ එම පාරිභෝගිකයන් වෙනුවෙන්ම වන අතර, මෙමගින් ඔවුන්ට ඉහළම ප්‍රමිතියකින් යුත් දුරකථන පහසුකම් අසීමිතව අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම පැකේජ ගෘහස්ථ මට්ටමේ පාරිභෝගිකයන්ටද අතිශයින් වාසිදායකවනු ඇත. ස්ථාවර දුරකථනයක් යනු පවුලේ සියලු දෙනා පොදුවේ භාවිතා කරන පහසුකමක්වන බැවින්, පවුලේ සැමට සහනදායී ගාස්තු යටතේ අසීමිතවඇමතුම් ලබාගත හැකි ආකාරයට SLT-MOBITEL මෙම නව පැකේජය සැලසුම් කර තිබීම විශේෂිතය.
පසුගෙවුම්පැකේජයක්වශයෙන්හඳුන්වාදීඇති SLT-MOBITEL Unlimited Voice පැකේජයේමිලරු. 747 කි (බදුරහිතව). වෙළඳපොළේපවතිනඅනෙකුත්විකල්පමෙන්මෙය SLT-MOBITEL ජාලයට පමණක්සීමානොවනඅතර, පාරිභෝගිකයන්ට තමන් කැමති ජාලයකට අසීමිතව ඇමතුම් ලබාගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මෙය පසුගෙවුම් පැකේජයක් වන බැවින්, කාලසීමාව අවසන්වීම හේතුවෙන් කාලය ඉකුත්වීමෙන් පසුතව දුරටත් ඇමතුම් ලබාගත නොහැකිවීම වැනි ගැටලුවලට මුහුණදීමට පාරිභෝගිකයන්ට සිදුනොවේ.
මෙම පැකේජය අමතර පරිශීලක ගාස්තුවක් නොමැතිව, දැනට පාරිභෝගිකයා සතු දුරකථනයටම සහ දුරකථන අංකයටම ලබාගතහැ කිවේ. කෙසේ නමුත් මේ සඳහා අවශ්‍යවන අමතර උපකරණ (CPE), පාරිභෝගිකයන්ගේ පහසුව සඳහාරු. 155.00 ක් වැනි සහනදායී අමතර ගාස්තුවක් යටතේ SLT-MOBITEL වෙතින් ලබාගැනීමට අවස්ථාව සලසා දීඇත.
SLT-MOBITEL Unlimited Voice පැකේජයපිළිබඳවැඩිදුරතොරතුරු 1212 දුරකථනඅංකයෙන්, ළඟම පිහිටි SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ www.sltmobitel.com
වෙබ් අඩවියෙන් ලබාගත හැකිවේ.
SLT-MOBITEL ස්ථාවර දුරකථන වෙතින් මුළු පවුලටම අසීමිත ඇමතුම්..
RELATED ARTICLES