ජනාධිපතිවරයා අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 2වන සහ 8 වැනි වගන්ති.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 වැනි දින පැවත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී සිටියි.
එම ඡන්ද විමසීමට අදාල නාමයෝජනා පත්‍ර භාර ගැනීම 2024 අගෝස්තු මස 15 දින පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලසීමාව තුල රාජගිරිය සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකරනු ලැබේ.
භාරදෙනු ලබන නාමයෝජනා සම්බන්ධයෙන් එදින එනම් 2024 අගෝස්තු මස 15 දින පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලසීමාව තුල විරෝධතා දැක්විය හැකිය. යම් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයකු විසින් හෝ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ නාමයෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තා විසින් මෙම විරෝධතා ඉදිරිපත් කළ හැකිය.
නාමයෝජනා භාර දෙනුලබන සෑම අපෙක්ෂකයකු විසින්ම නාමයෝජනා භාරදීමට පෙර නියමිත ඇප මුදල්තැන්පත් කර තිබිය යුතුය. පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 50.000/= මුදලක්ද අනෙකුත් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 75,000/=ක මුදලක්ද ඇප වශයෙන් තැන්පත් කළ යුතුය.
මෙම ඇප මුදල් භාරගැනීම 2024 ජූලි මස 26 දින සිට, නාමයෝජනා දිනයට පෙර දිනවු එනම් 2024 අගෝස්තු මස 14දින මධ්‍යාහ්න 12.00ට පෙර අතරවු කාලය තුල කාර්යාල දිනවලදි පෙ.ව. 8.30සිට 4.15 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේද මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි විසින් භාරගනු ලැබේ.
පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපෙක්ෂකයින් හැර අනෙකුත් අපෙක්ෂකයින් ඇප මුදල් භාරදීමේදී ව්‍යවස්ථාදායකයේ තෝරාපත්කර ගනු ලැබු මන්ත්‍රීවරයකු බව හෝ මන්ත්‍රිවරයකුව සිටි බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ අත්සන යටතේ වු සහතිකයක් මගින් සනාථ කිරීම අනිවාර්යවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ අත්සනින් යුතු නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ජනපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන දැනුම්දීමක් රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි
සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි’
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම 2024 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය , නාමයෝජනා භාර ගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳ දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය අද(26) ප්‍රකාශයට පත් කිරීමට අද (25) රැස්වු මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇති බව එම කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.
එසේම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳ විවිධ පුද්ගලයන් හා පාර්ශව ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බව වැඩිදුරටත් එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ අත්සනින් යුත් නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.