29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්පැෆරල් හා සමගි ජනබලවේගය හමුවෙයි.

පැෆරල් හා සමගි ජනබලවේගය හමුවෙයි.

වගවීම සහතික කරන ප්‍රායෝගික සහ යථාර්ථවාදී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ නායකයින් සමග සිදු කරන සාකච්ඡාවේ තෙවන අදියර (24) සමගි ජන බලවේගය සමගින් පැවැත්වින.

ඉදිරි මැතිවරණ වලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රායෝගික හා ක්‍රියාත්මක කල හැකි ප්‍රතිපත්ති ප්‍රකාශන වශයෙන් සකස් කිරීමේදී සැලකිල්ලට ගැනීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් සකස් කර ඇති දළ සැලැස්ම මෙහිදී සමගි ජනබලවේගයට පිරිනැමුණු අතර සමගි ජනබලවේගයේ නියෝජිතයින් පෙන්වාදුන්නේ සිය පක්ෂය විසින් ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කිරීමේදී පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියද සැලකිල්ලට ගන්නා බවයි.

එමෙන්ම පසුගිය 2019 වසරේදී පැවැත්වූ පරිද්දෙන්ම  මාර්තු 12 ව්‍යාපාරය විසින් පැවැත්වීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ගැනින.

සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක පා.ම තිස්ස අත්තනායක,පා.ම ඉරාන් වික්‍රමරත්න, හා පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ද පැෆ්රල් සංවිධානය වෙනුවෙන් සම සභාපතිනි ක්‍රිස්ටෝබල් සවරිමුත්තු , උප සභාපති කේ.එන් ඩීන් හා විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, සහකාර අධ්‍යක්ෂ වසන්ත ගෝමස් යන මහත්ම මහත්මීන්ද එම සාකච්ඡාවට එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments