29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වෙළෙඳ ඇමැති බිත්තර ආනයනයට ගත් කැබිනට් තීන්දුව නිසා බිත්තර කර් මාන්තය නැවත...

වෙළෙඳ ඇමැති බිත්තර ආනයනයට ගත් කැබිනට් තීන්දුව නිසා බිත්තර කර් මාන්තය නැවත කඩාවැටීමේ අවධානමක-අජිත් ගුණසේකර

වෙළඳ ඇමතිවරයා ඊයේ(29) ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර
මේ හේතුව නිසා දේශීය බිත්තර කර්මාන්තය නැවත කඩා වැටීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි

මේ වන විට උපරිම ධාරිතාවෙන් පැටවුන් ගොවිපොළොවට දමා එහි නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙමින් ඇත

අද වන විට සිල්ලර වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 42ක් 45ත් අතර මිලකට හිඟයකින් තොරව අලෙවි වෙමින් පවතී මේ මිල නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සාධාරණ මිලක් යයි සංගමය සඳහන් කරයි

ඉන්දියානු බිත්තර ආනයනය කර අපේ නිෂ්පාදන වියදමට අඩුවෙන් වෙළඳපොළට දැමීමෙන් සිදුවන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ගොවීන් සතුන් මස් වලට විකුණා ගොවිපොළවල් වසා දැමීමේ අවදානමකට ලක්වෙන බවයි

වෙළඳ ඇමතිවරයා සහ කෘෂිකර්ම ඇමතිවරයා නිෂ්පාදකයන්ගේ සංගම් සහ වෙළඳ සංගම් අතර සාකච්ඡා කර මේ ගැටළුව විසඳා ගත හැකි බවයි

මේ වන විට දේශීය බිත්තර අතිරික්තයක් වෙළඳපළට පැමිණෙන බැවින් ඉදිරියේදී බිත්තර හිඟයක් රට තුළ ඇති නොවන බව පසුගිය අප්රෙල් තිහෙන් පසු බිත්තර ආනයනය නතර කර ඇති බවත් රටේ අවශ්‍යතාවයට අනුව දේශීය බිත්තර නිෂ්පාදනය ශක්තිමත්ව පවතින බව සඳහන් කළා
බිත්තර ඉන්දියාවෙන් ගෙන්වීම තරයේ ප්‍රතික්ෂේප කළා
ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉන්දියාවේ කුරුලු උණ වසංගතයක් ලෙස පැතිරී යාම හේතුවෙන් එම රෝගය ලංකාවට පැතිරුණුවහොත් සමස්ත දෙසිය කුකුල් කර්මාන්තයම කඩා වැටීමේ අවදානමක් පවතින බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments