කොවිඩ් 19 හා ආර්ථික අර්බුදය නිසා ඇතිවු අපහසුතා මැද අධ්‍යාපන,වතු,සංචාරක,සෞඛ්‍ය,ඉදිකිරීම් යන අංශවල බිඳවැටීම් හා ඒ ක්ෂේත්‍රයේ ශ්‍රමබලකාය තවමත් පීඩාකාරිව සිටින බවද යළි නැගිටීම ගැන ගැටලු තිබෙන බව සමීක්ෂණයකින් කරුණු අනාවරණය කරයි.
ඒ Verite Research and Solidarity Center ආයතන ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හා ආර්ථික අර්බුදය හේතුවෙන් අධ්‍යාපන,සංචාරක,සෞඛ්‍ය,ඉදිකිරීම්,වැවිලි යන අංශ පහේ ශ්‍රමබලකායට සිදුවි ඇති බලපෑම් පිළිබඳ සිදුකළ සමීක්ෂණයකින් පසු ඒ ඒ ගැන විද්වත් සංවාදයක් පැවැත්වූ අවස්ථාව එක්වු එම ක්ෂේත්‍රවල ක්‍රියාකාරකයින් හා විද්වතුන් දැක්වු අදහස්වලින් අනාවරණයවු කරුණුවලින්ය.
මෙම සංවාදය වෘත්තීය සමිති නායකයින් හා බහුජන සංවිධාන නියෝජිතයින් එක්ව ජයික් හෝටල් පරීශ්‍රයේදී ඉකුත්(31) පැවැත්විණි.
මෙය Verite Research and Solidarity Center ආයතන එක්ව සංවිධානය කර තිබුණි.
මෙම සමීක්ෂණයට අනුව ඇතැම් සේවකයින් මාස්ක් හා ටැනිසයිටර් පවා එම කාලය තුල නොලැබුණු අතර බොහෝ ආයතන එම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ හා ද්‍රව්‍ය තම සේවකයින්ට ලබාදීමට කටයුතු කර ඇත. එමෙන්ම මෙම අංශවල බිඳවැටීම් පිළිබඳ අදහස් දැක්වූවන්ගෙන් හෙලිවුණේ අධ්‍යාපන අංශයේ විභාග පවා තවම නිසි කලට තබා ගැනීමේ නොහැකි තත්ත්වයක්ද ඒ අනුව දරුවන්ට පාඩම් නිසි ලෙස අවසන් කර ගැනීමේ අපහසුතාවයක් තවමත් ඇතිවි තිබෙන බවය.
සංචාරක අංශයේ හා ඇඟළුම් අංශවල රැකියා අහිමිවීමක් දක්නට ලැබුණු අතර ඇතැම් රැකියා ඉතා අපහසුතා මැද වෘත්තීය සමිති රජයේ විවිධ අංශ එක්ව රැක ගැනීමට ක්‍රියා කළ අන්දම වෘත්තීය සමිති නායකයින් පෙන්වාදුන්හ. නමුත් මේ අවස්ථාවේදී මෙවැන උපද්‍රව අවස්ථාවලදී සේවකයින් ආර්ථික ශක්තීය යම් තරමකින් හෝ පවත්වා ගෙන යෑමට ඇතැම් වෘත්තීය සමිති කම්කරු උපදේශන සභාවට යෝජනා ඉදිරිපත් කොට එකඟවු අපදා තත්ත්වයකදී සේවක ආරක්ෂාව යම් අරමුදලක් ඇති කොට ඉන් සේවකයින් යම් මුදල් ප්‍රමාණයක් යම් කාලසීමවකට ලබාදීමේ වැඩපිළිවෙල අදවනවිට සියලු දෙනාම අමතකර තිබේ.

තිබෙන බැංකු ණය ගෙවීම , අලුත් ණය ගැනීම සංචාරක, කෘෂිකාර්මික වැනි මුදල් ආයෝජනය කරමින් කටයුතු කරන අයට දැඩී පීඩාවක් ගෙන දුන් බව මෙහිදි අනාවරණයවු තවත් සුවිශේෂි කරුණක්වීය. පොලි අනුපාත අධික ලෙස ඉහල යෑම මේ අංශවල අය කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක්විය. සමස්තයක් බඩුමිල හතර පස්ගුණයකින් ඉහල යෑම නිසා සාමාන්‍ය වැටුප් ලබන ශ්‍රම බලකාය තදබල පීඩනයකට ලක්වු බව නොරහසකී.
ඉදිකිරීම් අංශයේ වැඩබිම්වල සේවා නැවතීම තුලින් රැකියා රැසක් අහිමිවිය. සිමෙන්ති ඇතුළු ගොඩනැඟිලි ද්‍රව්‍යමිල ඉතා අධික වීමද මීට තදබල බලපෑමක් එල්ල කර තිබෙන බව මෙහිදි ප්‍රබල ලෙස කරුණු පෙන්වාදුන්හ. වතු කම්කරුවන්ගේ දෛනික දීමනාවෙන් මේ ආර්ථික උද්ධමනය තුල ජීවත්වීමේ සටනක යෙදීමට එම වතුකම්කරුවන් සිදුවූහ. වැනි කරුණුද මෙහිදි අනාවරණයවිය . එම සේවකයින්ගේ දෛනික දීමනාව වැඩිකර දීමට වතු හාම්පුතුන් අකමැත්ත පළ කර දීම කණගාටුවක් ලෙස එම අංශ නියෝජනය කළ වෘත්තීය සමිති පෙන්වාදුන්හ. මෙය අත්හැරිය නොහැකි කරුණක් බවද ඔහු මෙහිදි අදහස් දක්වීමන් සමීක්ෂණයෙන් පෙන්වාදුන් කරණු තහවුරු කළහ.

මෙහිදි වෘත්තීය සමිති පිළිබඳ ශ්‍රමබලකායේ විශ්වාසය නැතිවි යෑමද ඒ නිසා වෘත්තීය සමිති නියෝජනය සේවකයින් ප්‍රතික්ෂේප කර තිබීම ගැනද මෙහිදි අදහස් පළ කෙරිණි. ඊට ඇතැම් වෘත්තීය සමිති නායකයින් දේශපාලන නායකයින් හා පක්ෂ පිටුපස ගොස් තම තමන්ගේ වරදාන ලබා ගැනීමට ක්‍රියා කිරීම හේතුවි තිබේ. වෘත්තීය සමිති කොහෙත්ම දේශපාලනය අවශ්‍ය නැති අතර සේවකයින් සංවිධානය කොට රටේ හා ආයතන සංවර්ධනය පෙන්වා දෙමින් තිබෙන දූෂණ වළක්වන්න ක්‍රියාකොට සේවක අයිතීන් දිනාදීමට ක්‍රියාකිරීම වැදගත්වන අතර එවිට දේශපාලන පක්ෂ හා දේශපාලඥයින් වෘත්තීය සමිති පිටුපස එනු ඇත. එහිදි අයිතිය දිනා ගැනීමට හැකිවේ. නමුත් දැන් සිදුවෙන්නේ එහි අනෙක් පැත්ත නිසා සේවකයින් වෘත්තීය සමිති අතහැර යන ආකාරය දක්නට ලැබේ. ඒ නිසා දේශපාලනය වගේම සෑම අංශයකම පරිහානිය දක්නට ලැබේ.
මෙවැනි පර් යේෂණයක් සිදුකරමින් රටේ තවමත් පීඩාවට පත්ව සිටින ශ්‍රමබලකාය පිළිබඳ බලධාරින්ගේ අවදානයට ලක්කිරීමට උත්සහ කිරීම ගැන Verite Research and Solidarity Center ආයතනවලට කාගේ ස්තූතිය පලවූහ. මේ පිළිබඳ තවත් කරුණු මෙහිදි කියැවිණි.
මේ අවස්ථාවට ලෙස්ලි දේවෙන්ද්‍ර, ජෝශප් ස්ටාර් ලින්, රවි කුමුදේශ්, සරස්වති සිවගුරු ඇතුළු වාත්තීය සමිති නියෝජිතයින් හා වෙනත් බහුජන සංවිධිනවල නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

