29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedනාමයෝජනා භාර ගැනීම මේ මස 15 වැනිදා පෙරවරු 9 සිට 11 දක්වා...

නාමයෝජනා භාර ගැනීම මේ මස 15 වැනිදා පෙරවරු 9 සිට 11 දක්වා සිදුවෙනවා,නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම එදින නමේ සිට එකොළහයි තිහ දක්වා වෙන්කර තිබෙනවා-මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

වික්‍රමපාල කොළඹ

විරෝධතා කාලය අවසාන වීමෙන් අනතුරුව ස්වාධීන අපේක්ෂකයන් සහ පක්ෂ සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම සිදුකරනවා,මේ කාලය තුළ මැතිවරණ කොමිසමේ සරණ මාවත කලාපයට විශේෂ ආරක්ෂාවක් ලබාදීම තීරණය කරලා තියෙනවා.එම ප්‍රදේශවලට ඇතුළු විය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහන වලට පමණයි,මේ නිසා සරණ මාවත ආශ්‍රිතව රජයේ ආයතන සහ රෝහල් වසා දමන හෙයින් සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා,නාමයෝජනා භාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණයි ඒ වගේම ඒ අයට විශේෂ අවසර පත් නිකුත් කරලා තිබෙනවා ඒ වගේම තවත් අමුත්තන් තුන්දෙනෙකුට මැතිවරණ කොමසාරිස්කාරයාල යාබද ගොඩනැගිල්ලේ රැඳ සිටීමට අවසර ලබා දෙනවා, සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනය පමණයි අදාළ පුද්ගලයන්ට සරණ මාවතේ අවසාන මාර්ග බාධකය භාවිතයේදී වාහනය නවතා මැතිවරණ කාර්යාලයට පයින් ගමන් කළ යුතුයි ඒ වගේම මෙම ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය සහ විශේෂකාර බලකාය පුළුල් වැඩපිළිවෙලක් යොදා තියෙනවා අපේක්ෂකයන් සමග එන ආධාරකරුවන්ට රැඳී සිටීමට විශේෂ ස්ථාන සලසා තිබෙනවා එම ස්ථානවල රැඳී සිටිය යුතුයි

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව පෙළපාලි පැවැත්වීමේ හැකියාවක් නැහැ නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත අපේක්ෂකයන් කැඳවා එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අපි දැනුම්දීමක් සිදු කරනවා.

අයවැය මගින් අපිට බිලියන දහයක මුදලක් පමණයි වෙන් කරලා තියෙන්නේ මෙම මුදල වැඩිකර ගැනීමේ හැකියාවක් නෑ කෙසේ වෙතත් වැඩිවෙන අපේක්ෂකයන් අනුව අපේ වියදම් සහ මුද්‍රණාලය වියදම් සියල්ල වැඩි වෙනවා,අපේක්ෂකයන් තැන්පත් කරන මුදල් කිසිවක් අපිට ලබාගැනීමේ හැකියාවකුත් නැහැ,නිල චන්ද්‍රපත්‍රිකා බෙදා හැරීම නාම යෝජනා දිනෙන් පසුව සිදු කරනවා

දැනට අපෙන් යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නිරීක්‍ෂණ කණ්ඩායම් ඉල්ලීමක් කරලා තියෙනවා මෙම නිරීක්ෂණ කටයුතු ඒ අයගේ වියදමින් තමයි සිදුකරන්නේ. ඒ සඳහා අපි අවසර ලබා දීලා තියෙනවා ඒ වගේම මැතිවරණ කොමිසමේ ආරාධනාවෙන් තවත් ආසියානු රටවල් කිහිපයකට අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා .

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩු වෙලා තියෙනවා. එකක් ජාතික ලැයිස්තුවෙන් එම පක්ෂය විසින් ලබා දිය යුතුයි. අනිත් එක පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා තේරීම් බාර නිලධාරි අනුව කටයුතු කරනවා

මාධ්‍ය උපමාණ මේ වන විට නිකුත් කරලා තියෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ නියාමනයක් ඉදිරියේදී සිදු කරනවා,මෙහිදී සමාජ මාධ්‍යත් නියාමනය සිදු කරනවා අසත්‍ය ප්‍රකාශන සම්බන්ධව කටයුතු කරනවා.

ගාම නිලධාරීන්ගේ කළු විරෝධතාවයක් දැන් යනවා ඒක බලපායිද මැතිවරණ කටයුතුවලට..

අපි මීට පෙර ග්‍රාම නිලධාරීන් සමග සාකච්ඡා කරා ඔවුන් මැතිවරණ විමසීම් කටයුතු වලට බාධාවක් සිදු කරන්නේ නෑ කියලා කිව්වා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු වලට බාධාවක් සිදු
නොකරයි කියලා

නාම යෝජනා කැඳවීමෙන් පසුව අපි චන්ද්‍ර පත්තිකා මුද්‍රණය ආරම්භ කරනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments