සිංගප්පූරුවේ සිට අද(10) අලුයම 1.00ට පමණ කටුනායක ගුවන් තොටට පැමිණ්SQ 468 දරණ ගුවන් යානයේ සිටි ගුවන් මගියෙක් සතුව තිබූ සජීවී මසුන් තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ.
අදාල මගියා විසින් නීති විරෝධීව ගෙන ආ මෙම මසුන් තොගය රේගුවට ප්‍රකාශ නොකර ගුවන් තොටුපොලෙන් පිටත් කිරීමට තැත් කිරීමේදී මෙලෙස රේගුව අතඩංගුවට ගෙන ඇත.මසුන් හා ඉබ්බන් 365ක් මේ අතර තිබෙනවා.සැකකාර මගියා තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක ශ්‍රී ලාංකිකයෙක්.මේ පිලිබඳ වැඩිදුර විමර්ශන රේගුව මගින් සිදුකරමින් පවතී.