වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට අද දහවල් රැස්වු පඩි පාලක සභාව තීරණය කළේය. කම්කරු ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පඩිපාලක සභා රැස් කර කර තිබු අතර එහිදි පැවැති ඡන්ද විමසීමකදි වැඩි ඡන්දයෙන් මෙම වැටුප් වැඩිවීම ලබාදීමට තීරණය විය. ඒ අනුව මූලික වැටුප 1350ක් ලෙසත් තවත් 350ක් දීමනාවක් එකතුවීමෙන් මෙම වැටුප් වැඩිවීම සිදුකෙරේ.
වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී රැස්වීම සිදුවිය.