31.8 C
Sri Lanka
Wednesday, August 20, 2025
Homeදේශීය පුවත්සුලු වැරදි සිරකරුවන් 8500 පමණ නිදහස්

සුලු වැරදි සිරකරුවන් 8500 පමණ නිදහස්

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැත්වුණි. මහනුවර බෝගම්බර බන්ධන්ධනාගාර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකින්  පසු පැවැත්වූ මෙම රැස්වීමේදී බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ පුරප්පාඩුව පැවති වැඩ බලන නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා දැනට බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම්, බුද්ධි තනතුර දරණ තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පත් කෙරුණි. එතුමා 2020.12.24 දින සිට එම තනතුරේ රාජකාරී කටයුතු කරනු ඇත.

තව ද පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සහාභාගී වෙමින් ගරු රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළේ තමාගේ ඍජු මැදිහත් වීමෙන් සුළු වැරදි හා ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටි රැඳවියන් 8400 ක් පමණ තමා අමාත්‍ය ධූරය භාරගත් දින සිට අධිකරණ අමාත්‍යංශයේ නිර්දෙශය ඇතුළුව මේ දක්වා නිදහස් කිරීමට කටයුතු කළ බවයි. එමෙන් ම ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමත්,  කොවිඩ් – 19 වෛරසය බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමටත් මෙය විශාල පිටුවහලක් වන බව ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කළේය.

මෙම නිදහස් කරනු ලැබූ රැඳවියන් සියලු දෙනා ම නිසි නිරෝධායන කටයුතු හා පුනරුත්ථාපන කටයුතුවලින් අනතුරුව සමාජගත කිරීමට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය කටයුතු කළ ඇති බව ද ප්‍රකාශ කළේය. ඉදිරියේදී පිහිටු වීමට නියමිත “වීරවිල පුනරුත්ථාපන මධ්‍යස්ථානය” පිළිබඳව අදහස් දක්වමින් ගරු රාජ්‍ය අමාත්‍යවරයා අදහස් කළේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් මෙවැනි මධ්‍යස්ථාන තුළ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව සමාජගත කිරීමට තමා කටයුතු කරන බවයි.

ලෝකයේ පැතිර යන කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් තුළ විශාල මානසික පිඩනයක් ඇති බවත්, එම නිසා ඔවුන්ගේ පීඩනය අඩු කිරීම සඳහා ඔවුන් නොයෙකුත් කැරලිවලට යොමු වීමේ අවධානමක් පැමිණ ඇති අතර, ලෝකයේ බන්ධනාගාර 20 ක පමණ මෙවැනි ගැටුම් / කැරලිකෝලාහල ඇති වී තිබෙන නමුත් ශ්‍රී ලංකාව තුළ එවැනි කැරලි ඇති වූවත් ඒවා සාර්ථක ව මැඩ පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා ප්‍රකාශ කළේය.

මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම්, බුද්ධි තනතුර දරණ තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සහ තවත් නිලධාරීන් පිරිසක් සහභාගී විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments