29.7 C
Sri Lanka
Friday, June 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී පාද වන්දනා කරුවන්ට දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනා කරුවන්ට දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පවතින බවත් ඒ නිසා ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ  එන්න එපා යැයි  නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව හරහා නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා සඳහන් කර ඇත්තේ, වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බවය.

ඇතැම් ප්‍රදේශ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදුකර තිබේ.

එම තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවධානම පහව නොයන බව දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව අවධාරණය කරයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments