21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකටුපොත අනතුරේදි ජීප්රථයට අලාභ හානි සිදුකළ යුධ හමුදා විශේෂ බලකායෙන් පළාගිය ප්‍රධාන...

කටුපොත අනතුරේදි ජීප්රථයට අලාභ හානි සිදුකළ යුධ හමුදා විශේෂ බලකායෙන් පළාගිය ප්‍රධාන සැකකරුවකු අයිස් හා ජීව උණ්ඩ සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය නිලධාරියෙකු කටුපොත ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වූ අවස්ථාවේ විනාශකාර අන්දමින් පහර දී ජිප් රථයට අලාබ හානි සිදුකර රාජ්‍යදේපළ වලට හානි සිදුකල සැකකරුවන් ගෙන් යුධ හමුදා විශේෂ බලකායෙන් පළාගිය ප්‍රධාන සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩ හා යුධ හමුදා නිල ඇදුම් සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි ස්ථානාධිපති පො.ප. පි.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) කටුපොත පොලිස් වසමේ මිනුවන්ගොඩ වේයන්ගොඩ මර්ගයේ යකටුව ප්‍රදේශයේ ඇති FRIENDSTAR Hotel අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඉකුත් (20) වන දින‍ කටුපොත පොලිස් වසමේ දි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ජීප් රථයක් සමග අනතුරට පත් වූ අවස්ථාවේ එහි අසල සිටි පිරිසක් ඉතා අමානුෂික අන්දමින් එම නිලධාරියාට පහර දී රාජ්‍ය දේපළ වලට එනම් ජිප් රථයටද දැඩි අලාබහානි සිදුකල අතර එම සිද්ධියට සම්බන්ධ මීට පෙරද අධිකරණයේ වරදකරුවෙකු වු ප්‍රධාන සැකකරුවකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ සැගව සිටිය දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 500 ක්, යුධ හමුදාව භාවිතා කරන කැමා නිළ ඇදුම් කොටස් 05 ක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 06 ක් සන්තකයේ තබාගෙන සිටි යුධ හමුදා විශේෂ බලකායෙන් පළාගිය වයස අවුරුදු 34 ක් වන කටුපොත අලහිටියව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර සැකකරු රදවා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරණු ලබයි. මෙම සැකකරු මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටිය දී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිට මෑතකදී ඇප ලබා සිටි පුද්ගලයෙකි.

තවද, මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල ගරු මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දින දක්වා රිමාන්ඩ් භාරයට යොමු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments