අම්පාර සුදුවැල්ල ප්‍රදේශයේ විහාරථානයක හිමිනමකට මුදල් අරවුලක් හේතුවෙන් පහරදිමක් සිදු කල අම්පිටයේ සුමනරතන හිමි සහ පහරකැමට ලක්වු බණ්ඩාරදුවේ නන්දරතන යන් හිමි වරුන් අම්පාර පොලිසිය වෙත සිදු කල පැමිණිලි මත අත්අඩංගුවට ගෙන අම්පාර දිසා මහේස්ත්‍රාත් නයෝමී වික්‍රමරත්න මහතමිය වෙත යොමු කිරිමෙන් අනතුරුව දින දාහතරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අම්පාර සුදුවැල්ල ප්‍රදේශයේ දයාශාාන්ත ධර්මායතනයේ විහාරාධිපති බණ්ඩාරදුවේ නන්දරතන හිමියන් තමන් සමග කල මුදල් ගණුදෙනුවක් ුවෙන් මෙම පහර දිම සිදුකල බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටයේ සුමනරතන හිමියන් අම්පාර පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
තමන් හට අම්පිටයේ සුමනරතන හිමි දැඩි ලෙස පොල්ලකින් පහර දුන් බව බණ්ඩාරදුවේ නන්දරතන හිමියන් පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මේම සිදුවිම පිලිබද අම්පාර මුලස්ථාන පොලිස් පරික්ෂක අසේල හේරත් මහතා විසින් පැමිණිලි සලකා බැලිමෙන් අනතුරුව හිමිවරුන් අම්පාර දිසා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබේ.ඒ අනුව හිමිවරුන් ලබන (06) තෙක් රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයපත්ම මහතාගේ සහ සහකාර පොලාස් අධිකාරි හේමන්ත සෙනවිරත්න යන මහත්වරුන් උපදෙස් පරිදි අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල හේරත් මහතා ඇතූළු නිලධාරීන් පිරිසක් මෙම පහර දිම පිලිබදව පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයී.