29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බහරේනයේ සේවයට පැමිණෙන සියළු විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වා දෙයි...

බහරේනයේ සේවයට පැමිණෙන සියළු විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වා දෙයි…

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන් තොටුපොලින් ඇතුළුවන සියළුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account  Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) පියවර ගෙන තිබේ.

මෙය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා යෝජකයා අතර, ගෙවීම් තහවුරුවක් ලබාගැනීම හා නිවැරදි ගනුදෙනු සිදුකිරීම සහතික කිරීම අපේක්ෂා කරයි. එසේම ශ්‍රමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ වැටුප් ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකිරීම විධිමත් කිරීමත්, වැටුප් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීම අවම කිරීමත් බහරේන් රජය බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව වැඩි විස්තර බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) හි වෙබ් අඩවිය වන www.lmra.gov.bh වෙත පිවිසීමෙන් හා 00973-17506055 අංකය ඇමතීම මගින් ලබාගත හැකිය.

විදේශ ශ්‍රමිකයින් බහරේනයට ඇතුළුවන අවස්ථාවේදී, එරට ගුවන් තොටුපොලේදී මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් ලබාගැනීම සඳහා එරට රජය මගින් අවස්ථාව හා උපදේශන පහසුකම් සලසා දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments