21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් සදහා 15% පොළිය නැවත.වැඩිහිටි දීමනාව 5000 දක්වා ඉහළට-විපක්ෂ...

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් සදහා 15% පොළිය නැවත.වැඩිහිටි දීමනාව 5000 දක්වා ඉහළට-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රාජ්‍ය සේවකයන්ට මෙන්ම විශ්‍රාමිකයන්ටත් සහන රැසක්

☎️ 15% පොලිය නැවතත් වැඩිහිටි ප්‍රජාවට
☎️ 2016ට පෙර විශ්‍රාම ගිය සියලුම දෙනාට අග්‍රහාර රක්ෂණයක්
☎️ 2016 සිට 2019 දක්වා විශ්‍රාම ගිය අයගේ අග්‍රහාර රක්ෂණය නැවතත්
☎️ විශ්‍රාමික ප්‍රතිලාභ සුරකින නව පනතක් සහ නව නීතියක්
☎️ වැඩිහිටි දීමනාව රු. 5,000 දක්වා ඉහලට
☎️ රණවිරුවන්ට One Rank One Pay
☎️ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්‍රාම වැටුප් විෂමතා වලට විසඳුම්.

ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීමට පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරම්භ කරන බවත් රාජ්‍ය සේවකයන්ගේ් වැටුප 24%කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවයන්ගේ බදු අඩු කිරීමට කටයුතු කිරීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිනුම්වලට වෙනද ලබා දුුන් 15% ඉතිරි කිරීමේ පොලි අනුපාතය නැවත ලබා දෙන බවත් 15%ක එම පොලිය සහිතව ලක්ෂ ගණන් විශ්‍රාමිකයන්ගේ අයිතිය අද කප්පාදු කර ඇති බවත් රජය විශ්‍රාමිකයන් රැවටුවත් තමා ඔවුන් රවටන්නේ නැති බවත් 2016ට පෙර විශ්‍රාම ගිය සියලු දෙනට අග්‍රහාර රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2016-2019 කාලයෙ විශ්‍රාමික ජනතාවට ගෝඨාභය රාජපක්ෂ අහිමි කළ ඒ වරම නැවත ලබා දෙන බවත් විශ්‍රාමික ප්‍රජාවගේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක තබා ගැනීමට 1999 අංක 40 දරන පනත සංශෝධනය කර නව පනතක් ගෙන එන බවත් වැඩිහිටි ප්‍රජවට දෙන 3000ක දිමනාව 5000ක් කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දොලොස් වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයදොලොස් (24) මහනුවර දිගන නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments