ඉතා සුක්ෂම ලෙස නිවසක් තුල අනවසරෙන් කැණිම් යන්ත්‍ර උපයෝගි කරගනිමින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර කාරන්ගාම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධීක්ෂණයෙන් අරන්තලාව කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩි.ආර්.එල් අතුකෝරල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) අම්පාර පොලිස් වසමේ කාරන්ගාම ප්‍රදේශයේ දී වැටලීමි සිදුකර ඇත.
එහි දී නිවසක් තුල අනවසරෙන් කැණිම් යන්ත්‍ර උපයෝගි කරගනිමින් අඩ් 35ක් පමණ ගැඹුරට නිදන් හාරමින් සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් සහ 47 ක් වන පුදගලයන් දෙදෙනෙකු වතුර මෝටරයක් හිල්ටි 01 ක් සහ වයර් කෝඩ් ඇතුළු කැණිම් උපකරණ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.