21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී එළිදක්වනු ලැබුවා. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලෙස හඳුන්වමින් ‘පරිසමාප්ත ජීවිතයක් සුව පහසු රටක්’, ‘ගෞරවනීය ජීවිතයක් සුරක්ෂිත රටක්’, ‘නවීන ජීවිතයක් පොහොසත් රටක්’ සහ ‘අභිමානවත් ජීවිතයක් නොසැලෙන රටක්’ යන ප්‍රධාන මාතෘකා හතරක් සහ අනූ මාතෘකා ගණනාවක් යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර තිබෙනවා.
“ජාතික ජන බලවේගයේ පාලනයක්‌ යනු අවුරුදු 76ක කාලයක්‌ තුළ ක්‍රම ක්‍රමයෙන්‌ කුණු වී ඕජස්‌ ගලන අන්ත දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන්‌ කිරිම හා යහපත්‌ දේශපාලන සංස්කෘතියක්‌ ඇති කිරිමත්ය. අප පාලනයක්‌ යටතේ දූෂිත ප්‍රභූ පාලක කල්ලි විසින්‌ ජනතා දේපළ කෝටි ප්‍රකෝටි ගණනින්‌ කොල්ල කෑ ධනය නැවත ජනතාව චෙත අත්පත්කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ චනු ඇත. මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරමින්‌ හා දූෂණ විරෝධී කොමිෂන්‌ සභාවට, පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට අවැසි මඟ පෙන්වීම කරමින්‌ ඒවාට ස්වාධීන ආයතන ලෙස ක්‍රියාත්මක වීමේ සම්පූර්ණ ඉඩකඩ අප විසින්‌ සපයනු ඇත” යි එහි පෙරවදනේ සඳහන් වෙනවා.
මේ පිළිබඳව සටහනක් තබන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසන්නේ “අප නිදහසින් පසු ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක ධජයක් යටතට ගෙන ඒමට මෙතෙක් කල් රට පාලනය කළ ප්‍රභූ පාලක පන්තියට හැකිවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදුකළේ තම බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් ඒ ඒ ජාතිකත්වයන්ට බෙදුණු කණ්ඩායම් ලෙස ඔවුන් අතර ගැටුම් උග්‍ර කරමින් පවත්වා ගෙන යාමයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments