25.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ෂැශේ පැකට් ඇතුලු ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර

ෂැශේ පැකට් ඇතුලු ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇතිබව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරඇති බවය.

“ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06කට අනුමැතිය ලැබිලා තියෙනවා තහනම් කිරීමට. ඉදිරි සතිය ඇතුළත මේ කටයුතු අවසන් කරන්න පුළුවන්. අදියරෙන් අදියර අපි මේ කටයුතු සිදු කරනවා. පොලිතීන් බෑග් ඇතුළු වර්ග රැසක් ඊළඟට තියෙනවා. අනිවාර්යයෙන් මේ සියල්ල නතර කරන්න කටයුතු කරනවා,” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments