26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්තවත් 107ක් දකුණු කොරියාවට,කොරියානු රැකියා සිහිනය සපලවු වසරක්..

තවත් 107ක් දකුණු කොරියාවට,කොරියානු රැකියා සිහිනය සපලවු වසරක්..

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ තරුණියන් 83 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4,368 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 878 වන කණ්ඩායමට අයත් තරුණ තරුණියන් 107 දෙනෙකුද (‍03) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම පිරිසට තරුණියන් තිදෙනෙකුද අයත්වේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා මෙම වසර තුළදී ලාංකිකයින් 3,899 දෙනෙකු පිටව ගොස් ඇති අතර, දෙවන වරට කොරියාවේ සේවය කිරීම සඳහා තවත් ලාංකිකයින් 469 දෙනෙකු මෙම වසර තුළදී පිටව ගොස් තිබේ.

ඒ අතරට නිශ්පාදන ක්ෂේත්‍ර‍යේ රැකියා සඳහා 3,630 දෙනෙකුද, ධීවර අංශයේ රැකියා සඳහා 623 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගිය 8 දෙනෙකුද අයත් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments