ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ, සැපයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දීපාල් මුණසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ප්‍රථම ගුවන් හමුදා අන්තර් ඒකක සූපශාස්ත්‍ර තරඟාවලිය සාර්ථකව ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරු පරිශ්‍රයේදී නිමාවට පත් විය.
වෘත්තීය සහ ආධුනික ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වූ අතර, ලෝක සූපවේදීන්ගේ සංගමයේ (WACS) මාර්ගෝපදේශයන්ට අනුකූලව විවෘත තරඟයක් ලෙස පවත්වන ලද මෙම තරඟාවලිය සදහා ප්‍රථම වතාවට ප්‍රාදේශීය හෝටල්වල වෘත්තිකයන්ට ද තරග වැදීමට අවස්ථාව ලබා දී තිබුණි. ආහාර ප්‍රදර්ශන, සජීවීව ආහාර පිසීම සහ බාර්ටෙන්ඩින් යන තරග අංශ වලින් තරඟකරුවන් 200 කට ආසන්න පිරිසක් මෙම තරඟාවලිය සදහා තරග වැදුනු අතර, ජයග්‍රාහකයින් හට ත්‍යාග සහ සහතිකපත් මෙන්ම ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය සංවිධානය කරනු ලබන 2025 සූපශාස්ත්‍ර සහ ආහාර ප්‍රදර්ශණ තරගාවලිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත. ඒ හරහා පුද්ගලයින්ගේ සූපශාස්ත්‍රය පිලිබද ඇති කුසලතා, ශිල්පීය ක්‍රම සහ දැනුම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් හිමි විය.
2024 ගුවන් හමුදා අන්තර් ඒකක සූපශාස්ත්‍ර තරගාවලියේ හොදම කඳවුරට හිමි සම්මානය ගුවන් හමුදා සීගිරිය කඳවුර දිනාගත් අතර, හොඳම සූපවේදියාට හිමි සම්මානය ගුවන් හමුදා කටුනායක කදවුරේ සැරයන් හේරත් දිනා ගත්තේය.
සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතින සීගිරිය ප්‍රදේශයේ හෝටල් කළමණාකරණ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ තරුණියන් හට අනාගත රැකියා බලාපොරොත්තු සපල කරගැනීමට අවශ්‍ය පාඨමාලා හැදෑරීම කොළඹ ප්‍රදේශයට පැමිණ සිදුකිරීම දුෂ්කර බැවින් එම දුෂ්කරතා මගහැරීම සඳහා ගුවන් හමුදාපතිගේ උපදෙස් මත ගුවන් හමුදා සීගිරිය කඳවුර මගින් පවත්වනු ලබන හෝටල් කළමණාකරණ පුහුණු පාඨමාලාව NVQ අදියර 04 යටතේ සහනදායී මිලට හැදෑරීමට අවස්ථාව සලසා දීම මෙහි කැපී පෙනුනු විශේෂ අවස්ථාවක් විය.
මෙම තරඟාවලිය අවසානයේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඬලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ලංකා සූපවේදී සංසදයේ සභාපති ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.