ඔබ හොඳින් දන්නා පරිදි මාර්තු 12 ව්‍යාපාරය මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වසර 2015 පටන් ක්‍රියාකාරී මෙහෙවරක නිරත වන ස්වේච්ජා ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් බලවේගයකි. එහිලා අප, කලෙක පටන් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සහතික කිරීම උදෙසා ගතහැකි විවිධ උත්සහයන් අත්හදා බලමින් සිටින අතර වසර 2019 දී පවත්වන ලද ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය ඉන් එක් සාර්ථක මැදිහත්වීමක් වශයෙන් සඳහන් කල හැකිය. ඒ සඳහා ඔබ මාධ්‍යය ආයතනය දැක්වූ සක්‍රීය දායකත්වයද අප සමූහයේ නොමඳ ඇගයීමට ලක්වන බවද මෙහිලා සඳහන් කිරීමට කැමැත්තෙමු.
2019 වසරේදී අප ගත් මගෙහි ඉදිරි පියවරක් තබමින් 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන්ද විවාද මාලාවක් පැවැත්වීමට අප මේ වන විටත් කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව මෙවර විවාද මාලාව සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 16 දෙනෙකු සිය සහභාගීත්වය තහවුරු කර ඇත. ඔවුන් සහභාගී වන දින පිළිවෙලින් පහත දක්වා ඇත.
අපේක්ෂකයා පක්ෂය දිනය
සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සැප්තැම්බර් 07
නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැප්තැම්බර් 07
දිලිත් ජයවීර මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සැප්තැම්බර් 07
පී. අරියනේත්තිරන් මහතා ස්වාධීන අපේක්ෂක සැප්තැම්බර් 07
විජයදාස රාජපක්ෂ මහතා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සැප්තැම්බර් 08
නුවන් බෝපගේ මහතා සමාජවාදී ජනතා සංසදය සැප්තැම්බර් 08
සරත් මනමේන්ද්‍ර මහතා නව සිහල උරුමය සැප්තැම්බර් 08
අනෝජ් ද සිල්වා මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සැප්තැම්බර් 08
ඕෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ සැප්තැම්බර් 08
ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා නව සමසමාජ පක්ෂය සැප්තැම්බර් 08
පානි විජේසිරිවර්ධන මහතා සමාජවාදී සමානතා පක්ෂය සැප්තැම්බර් 08
මයිල්වාගනම් තිලකරාජා මහතා ස්වාධීන අපේක්ෂක සැප්තැම්බර් 09
නාමල් රාජපක්ෂ මහතා සමබිම පක්ෂය සැප්තැම්බර් 09
කේ.ආර් ක්‍රිෂාන් මහතා අරුණලු ජනතා පෙරමුණ සැප්තැම්බර් 09
රොෂාන් රණසිංහ මහතා ස්වාධීන අපේක්ෂක සැප්තැම්බර් 09
කීර්ති වික්‍රමරත්න අපේ ජනබල පක්ෂය සැප්තැම්බර් 09