21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedමත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට..

මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට..

දිගු කලෙක සිට හෙරොයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් එම මත්ද්‍රව්‍ය ජාවාරමේන් උපයාගත් මුදල්ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය (බස්නාහිර උතුර) උ.පො.ප. පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ අංක 68/13, ගැමුණු මාවත, කොලඹ 14 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක පටන් හෙරොයින් ජාවාරමෙි යෙදුන ඔරුගොඩවත්ත,කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 750 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 25,000.00 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments