21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අනුර කුමාර දිසානායකගේ " පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශනයේ...

අනුර කුමාර දිසානායකගේ ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භයානක බව ජනතාවට දැනුවත් විය යුතුයි-ජන අරගල සන්ධානයේ තරිඳු උඩුවරගෙදර

එහිදී වැඩිදුරටත් අදහස්ද දැක්වු ඒ මහතා මෙසේද කීය…….. අපි දන්නවා මේ රටේ ජනතාවට දැඩි වුවමනාවක් තියනවා මේ රටේ මේ දූෂිත පාලක පන්තිය පරාජය කරන්න . එතනදි අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ සඳහා පොදු මල් වට්ටියක් ගෙනල්ලා තියනවා ඇයි ඕගොල්ලො ඒකට අත ගහන්නැත්තෙ කියලා. හැබැයි අපි කියනවා ශිෂ්‍ය ව්‍යාපාරය වෘත්තීය සමිති සාමාන්‍ය ජනතාව තමයි ගෝල්ෆේස් අරගලය කලේ ගුටි කෑවේ හිරේ ගියේ. එතකොට ඒ ජනතාවගේ සටන්පාඨ වුවමනාවන් අභිලාෂයන්ට පයින් ගහපු මල් වට්ටියකට අත ගහන්න අපිට පුලුවන් කමක් නැ.

ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියනවා හැබැයි එතන ඉන්නෙ විද්වතුන් විතරයි. ආර්ථික ප්‍රතිපත්තියට එතකොට කෝ වැඩ කරන ජනතාව. කෘෂිකාර්ම ප්‍රතිපත්තියට කෝ ගොවියෝ. එතකොට ඒ අයගෙ අභිලාෂයන් ජාතික ජන බලවේගය නියෝජනය කරන්නෙ නැද්ද ?

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය ගැන පනත ඒ වගේම ජන මාධ්‍යය මර්ධනය කරන්න පහුගිය කාලේ ගෙනාව පනත් අහෝසි කරන්න කියලා අපි පහුගිය කාලෙ සටන් කලා. ඒ සටන්පාඨ පැත්තකට දාලා දැන් මේ ප්‍රතිපත්තියේ කියනවා අපි ආවාම මේවා නැවත සංශෝධනය කරන්නං කියලා. ඇයි මේ මර්ධන පනත් අහෝසි කරනවා කියලා පැහැදිලිව කියන්න බැරි ?

ණය පිළිබඳව විකල්ප තක්සේරුවකට යනවා කියලා කියනවා හැබැයි අපි දන්නවා IMF එකත් එක්ක ඉන්න ගමන් එහෙම විකල්ප වලට යන්න බෑ. IMF කොන්දේසි අනුව තමයි යන්න වෙන්නෙ. ඒක නිසා ඒ පීඩාකාරී කොන්දේසිවලින් ඉවත් වීම තමයි ණය අර්බුදය විසඳීම දක්වා යන්න පුලුවන් පාර. හැබැයි ඒක අමතක කරලා ජාතික ජන බලවේගය කියනවා අපි ආවාම සාකච්ඡා කරලා බලනව කියලා IMF එක එක්ක.

එතකොට එහෙම නිශ්චිත ප්‍රතිපත්තියක් ස්ථාවරයක් නැති ජාතික ජන බලවේගයේ මල් වට්ටියට අත ගහන්න අපිට පුලුවන් කමක් නැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments