අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බවත් ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් බවත් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම මේ සේවකයන්ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඔවුන් වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඇති බවත් මේ යටතේ පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ගෙන ඒමෙි රෙගුලාසි සකස් කරන බවත් එසේම සේ්වක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්තියක් සකස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 33 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (4) ගාල්ල දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
අද ජනාධිපති Copy කරන්නේ අපේ වැඩපිළිවෙළ
සමගි ජන බලවේගයට පැහැදිලි වැඩපිළිවෙළක් සහ දර්ශනයක් ඇති බවත් සමගි ජන බලවේගය ඉදිිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බොහෝ දේවල් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව SMS පණිවිඩ හරහා ඒවා කරන බවත් ඔවුන් සමගි ජන බලවේගයේ අඩිපාරේ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතියි ජේවීපි එකයි එකට එකතු වෙන්න කැමතියි