21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනපති අපෙක්ෂකයින්ට ප්‍රතිපත්ති සංවාදයක් කිරීමට අවශ්‍ය නෑ- නුවන් බෝපගේ

ජනපති අපෙක්ෂකයින්ට ප්‍රතිපත්ති සංවාදයක් කිරීමට අවශ්‍ය නෑ- නුවන් බෝපගේ

ජන අරගල සන්ධානයේ ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය……..දැන් මේ වෙනකොට පක්ෂ ගණනාවක් තමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. මේ මැතිවරණයේ ප්‍රතිපත්තිමය සංවාදය මේ විදිහට ආරම්භ කරන්න පක්ෂ වලට මැතිවරණය ප්‍රකාශයට පත් කරලා මාසයක් ගත වෙනකන් ඉන්න උනා. අපි ජූලි තිස්එක ජනතාවගේ ප්‍රතිපත්තිය දාලා ප්‍රතිපත්තිමය සංවාදය ආරම්භ කරාට අනෙක් එක අපේක්ෂකයෙක්ටවත් ඒක කිරීමට අවශ්‍ය වුණේ නෑ. මොකද දිගටම ප්‍රතිපත්තිමය සංවාදය වෙනුවට තම තමන්ගේ රැස්වීම්වල ගාන ක් ,වේදිකා ගාන ,මිනිස්සු කැන්වසින් යන ගාන, අපේක්ෂකයා හිනාවෙන විදිය, ඇවිදින විදිය මේවා විතරයි කතාබහට ගත්තේ. ඔවුන්ට බලය ලැබුනොත් මේ රටේ කරන ව්‍යුහාත්මක වෙනසක, ආර්ථිකය වෙනස් කරන්නේ කොහොමද කියලාද ඔවුන් අවසාන ඔන්න දැන් ඉතින් ප්‍රතිපක්ෂ ප්‍රකාශ අපේ අතේ තියෙනවා.

රනිල්ගෙ ප්‍රතිපතිති ප්‍රකාශය පුලුවන් ශ්‍රි ලංකා.මොනවද පුලුවන් කියලා බැලුවම ඒකෙ සුබපැතුම් දාලා තියෙන චරිත දිහා බැලුවම පේනවා.IMF අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා,ආසියානු සංවර්ධන බැංකු සභාපති, ඇමරිකානු රාජ්‍ය සහකාර ලේකම් තමයි ඒ අය.මේ කියන්නෙ ජනතා සම්පත් විකුණන්න පුලුවන්,රාජ්‍ය ආයතන විකුණන්න පුලුවන්, ජනතාවට බදු බර පටවන්න පුලුවන්,ගොවියා සමාගම් ග්‍රහණයට ගන්න පුළුවන්, වී ඒකාධිකාරී පවුල් ආරක්ෂා කරන්න පුලුවන් කියන ඒවා තමයි රනිල්ගෙ ප්‍රතිපත්තිය.කොටින්ම කියනවනම් IMF සූරාකෑමට එකගයි,ඉන්දියා ඇමරිකා ආක්‍රමණයට එකගයි.කොල්ලකාරී ආර්ථිකයට එකගයි.

සජිත්ගෙ ප්‍රතිපත්රප්‍රකාශය සැමට ජයක්.ඇතුල බැලුවම රනිල්ගෙ ටිකම වෙනස් වචන වලින් දාලා.ඒ කියන්නෙ සැමට නෙමෙයි Imf එකට,ඉන්දියානු සහ ලංකා ධන කුවේරයන්ට ජයයි කියන එක තමයි ප්‍රතිපත්තිය.

ජාතික ජන බලවේගයත් එකක් දැම්මා.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා දාලා ලස්සන පොතක් ගහල තියෙනවා.ඇතුල කියවල බැලුවම කෝකටත් තෛලය ප්‍රතිපත්ති ප්‍රකාශයක්.ඒක ඇතුලෙත් Imf ප්‍රතිපත්තිය පිලිගන්නවා, අධ්‍යාපනය සෞඛ්‍ය විකිණීම පිලිගනිනවා,සමාගම් ග්‍රහණය පිලිගන්නවා.කාටද පොහොසත් රටක් හදන්න යන්නෙ.වී මාෆියා පවුල් වලට, ධන කුවේරයන්ට තමයි පොහොසත් ලස්සන රටක් හදන්න යන්නෙ.

ජනාධිපතිවරණය ප්‍රතිපත්ති විවාදයේදී ජනතාව පෙලන imf විරෝධී,ඉන්දීය ඇමරිකානු ආක්‍රමණ විරෝධී,ඒකාධිකාරන් විරෝධී,වී මාෆියා පවුල් වල පාලනයට විර්රධී, ක්ෂුද්‍ර මූල්‍ය සාරාකෑමට විරෝධී,සමාගම් ආධිපත්‍යයට වෘරෝධී එකම ප්‍රතිපත්තිය ජනතාවගේ ප්‍රතිපත්තිය ජන ඇරගල සන්ධානය පමණයි ඉදිරිපත් කලේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments