ධූරයේ වගකීම ගැන කථා නොකර කණ්ඩායම ගැන කථා කරන සජිත් වගකීමක් භාරගත නොහැකි පුද්ගලයෙක්, අනුරව ශක්තිමත් කළ නිසා සජිත්ගේ සජබට ජනතාව දැන් කියන්නේ AKD ඔක්සිජන් කියලා, සජබ කණ්ඩායම් දෙකක්, ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කර තිබෙනවා,
ජනපති මතුගමදි ජනතා රැලිය අමතමින් වැඩිදුරටත් මෙසේද කී්‍ය…..නායකයෙකු යනු ඕනෑම කණ්ඩායමක් සමඟ වුවද වැඩකළ හැකි පුද්ගලයෙකු බවත්, ධූරයේ වගකීම ගැන කථා නොකර කණ්ඩායම ගැන කථා කිරීම නිසා සජිත් යනු වගකීමක් දැරිය නොහැකි පුද්ගලයෙකු බව තහවුරු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට අසිරුතාවට මුහුණ දුන් අවස්ථාවේ රට ගොඩගැනීමට එක්වූ කණ්ඩායම සමඟ එක්ව තමා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආ බව පැවසු ජනධිපතිවරයා ඉදිරි මහ මැතිවරණයෙන් ජනතාව තෝරාදෙන කණ්ඩායම සමඟ එක්ව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.
සජිත් විපක්ෂ නායකයා ලෙස සිදු කළේ අනුර කුමාරව ශක්තිමත් කිරීම බවත් ඒ නිසා මේ වන විට ජනතාව සජබට කියන්නේ AKD ඔක්සිජන් කියා බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (05) පස්වරුවේ මතුගම පුද්ගලික බස් නැවතුම්පොළ භූමියේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.
“පංචවිධ” තරුණ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.
එමෙන්ම තරුෂි අනුත්තරා එදිරිමාන්න විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් ද මෙහිදි ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
සමගි ජන බලවේගය ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ “ආරක්ෂක වියදම් නැවත පරික්ෂා කිරීම හා තක්සේරු කිරීම” මැයෙන් කර ඇති යෝජනාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළජනාධිපතිවරයා සඳහන් කළේ ආරක්ෂක වියදම් අඩු කිරීමක් ඒ හරහා අදහස් වන බැවින් ඔවුන් ඒ පිළිබඳ වහාම රටට කරුණු පැහැදිළි කළ යුතු බවයි.