22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පලා ගිය කොරෝනා ආසාදිතයා පෙමිවතියගේ නිවසින් සොයා ගැනේ

පලා ගිය කොරෝනා ආසාදිතයා පෙමිවතියගේ නිවසින් සොයා ගැනේ

මාකොල උතුර ප‍්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී සිය නිවසින් පලා ගිය කොරෝනා ආසාදිත තරුණයා සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම ප‍්‍රදේශයේම ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයා ගත් බවයි.

සෞඛ්‍ය අංශ මේ වනවිට එම නිවස වෙත ගොස් අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇති බවයි සපුගස්කන්ද පොලිසිය පැවසුවේ.

වයස අවුරුදු 22ක් වන එම තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්ව බන්ධනාගාරගතව සිට ඉකුත්දා නිදහස ලබා පැමිණ තිබුණා. ඉන් පසු පී සී ආර් පරීක්ෂණයකට ලක්කර ඔහු සිය නිවසේ නිරෝධායනයට යොමු කර සිටි බවයි පොලිසිය පැවසුවේ. ඊයේ පලා ගිය මෙම තරුණයා කොරෝනා ආසාදිතයෙකු බවට සිදු කෙරුණු පී සී ආර් පරීක්ෂණයෙන් අනාවරණ වී තිබුණා. පසුව ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණා. ලද තොරතුරක් මත අදාල තරුණයා අත්අඩංගුවට ගත් බවයි සපුගස්කන්ද පොලිසිය පැවසුවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments