ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමයේ (Galle District Hockey Association) සංවිධාන ශක්තියෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගාල්ල දිස්ත්‍රික් අන්තර් සමාජ පිරිමි සහ කාන්තා විවෘත හොකී තරඟාවලිය මෙම මස 14 සහ 15 දෙදින ගාල්ල, දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමය යටතේ පාලනය වන ක්‍රීඩා සමාජ 07 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සක් මෙම තරඟාවලිය සදහා එක්වීමට නියමිතය.
ගාල්ල දිස්ත්‍රික්කය තුල හොකී ක්‍රීඩාව ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කරමින්, දක්ෂ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ජාතික තලය දක්වා ගෙනයාම ප්‍රධාන අරමුණයි.