මෙරටට තීරු බදු අහිමි කරමින් නීති විරෝධීව ආනයනය කරන ලද MANCHESTER වර්ගයේ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) සීදුව පොලිස් වසමේ සීදුව, ලියනගේමුල්ල හතරමං හන්දිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරු බදු නොගෙවා නීති ව්රෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් 140.000.00ක් පමන වටිනාකමකින් යුතු MANCHESTER වර්ගයේ දුම්වැටි දෙදහක් (2000) ක් සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.