වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසාන තීරණය ලබන (31) ගන්නා බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා සහා වතු වෘත්තීය සමිති නායකයින්, කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් අතර මීට පෙර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. එහිදි වතු සමාගම්වලට අවසන් තීරණයක් ගැනීමට ලබන (31) දක්වා කාලයක් ලබාදී ඇත. මේ පිළිබඳ යම් යම් සමාගම් කැමැත්ත පළ කළත් තවම පොදු තීරණයකට පැමිණ නැත. එබැවින් (31) දින අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
වතු කම්කරු වැටුප පිළිබද අවසන් තීරණය 31 වන දා
RELATED ARTICLES