21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගෝලීය වසංගතය සෑම අංශයකම කම්කරුවන්ගේ, ජීවනෝපායන්ට දැවැන්ත පහරක් එල්ල කර...

ගෝලීය වසංගතය සෑම අංශයකම කම්කරුවන්ගේ, ජීවනෝපායන්ට දැවැන්ත පහරක් එල්ල කර තිබෙනවා

පවතින ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ සෑම අංශයකම කම්කරුවන්ගේ, ජීවනෝපායන්ට සහ ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල කර ඇති බව අපි සැලකිල්ලට ගනිමු. ඉහළ යන විරැකියාවේ වාසිය ලබා ගන්නා ඇතැම් සේවා යෝජකයන්ගේ අසාධාරණ ශ්‍රම පරිචයන් ද, වැටුප් අඩු කිරීම සඳහා කම්කරුවන් අතර රැකියා සඳහා තරඟකාරිත්වයටද එය හේතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා මෙසේද තවදුරටත් කරුණු සඳහන්කර සිටියි. කොරෝනා වයිරසයේ “දෙවන රැල්ල” ගැන භිතිය ඇති කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), සෞඛ්‍ය අමාත්‍යාංශයේ (MOH) සමහර නිලධාරීන් සහ GMOA වැනි සමහර වෛද්‍ය සංවිධාන මේ අවස්ථාවේ දී රට අගුලු දැමීමට කරැති යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම අපි අගය කරමු.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය, GMOA වෛද්‍ය සංවිධානය සහ Covid-19 කාර්ය සාධක බලකායේ රට වසාදැමීමේ ප්‍රතිපත්තිය නිසා, භිතිකාව ව්‍යාප්ත කිරීම නිසා, භයට පත් රෝගීන්, විශේෂයෙන් ඇඟලුම් කම්හල් කම්කරුවන් අපකීර්තියට පත් කිරීම, උණ රෝගයෙන් පෙළෙන රෝගීන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදාව භාවිතා කිරීම, කර්මාන්තශාලා වසා දැමීම, ජීවනෝපාය විනාශ කිරීම සහ රැකියා දහස් ගණනක් අහිමි වීමත්, දරිද්‍රතාවය සහ අසමානතාවය ඉහළ යාමටත් හේතු වී ඇති බව අපි සැලකිල්ලට ගනිමු. 

කොවිඩ් -19 ඉස්මතු වී මාස 9 කට පසුව, සංඛ්‍යාලේඛන හා දත්ත වලින් පෙනී යන්නේ වියට්නාමය හෝ බංග්ලාදේශය වැනි අනෙකුත් නිවර්තන කලාපීය රටවල මෙන්ම කෝවිඩ් -19, ශ්‍රී ලංකාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සාවට වඩා මෘදු බවයි. වෙළඳ හා කාර්මික අංශවල කිසිදු සේවක‌යෙකු මෙන්ම, රටට විශාල සේවයක් කරන සෞඛ්‍ය හා සන්නද්ධ හමුදාවල,  2020 පසුගිය මාස 9 පුරාම කොවිඩ් රෝගයෙන් කිසිම අයෙකු මියගොස් නැති බව අපි ඔබේ අවධානයට යොමු කරමු. මේ වසරේ මුළු ශ්‍රී ලංකාව තුළම කෝවිඩ් -19 ආසාදනයෙන් මියගොස් තිබෙන්නේ 200 කටත් අඩු පිරිසකි.

හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා, සේවා ස්ථානවල වැඩ කරන අතරතුර, මාර්ග අනතුරු හේතුවෙන් බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙන නමුත්, ඊනියා කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ආර්ථිකය වසා දමා ඇත. ගොවීන්, ධීවරයින් හෝ සේවා අංශයේ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බවට වාර්තා නොමැත. කොරෝනා උණ හේතුවෙන් 2020 දී කිසිදු අවස්ථාවක රෝහල් පිරී ඉතිරී ගොස් නැතත්, ඉන්ෆ්ලුවෙන්සා හෝ සම්බන්ධිත රෝගයන් වලින් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 7,000 ක් පමණ මිය යති. ඇත්ත වශයෙන්ම, 2020 අපගේ පර්යේෂණයන්ට අනුව, බොහෝ රෝහල්වල මෙම වසර තුළ සාමාන්‍ය රෝගීන්ට වඩා අඩු රෝගීන් සංඛ්‍යාවක් සිට ඇත. එනිසා, සමාජීය හා ආර්ථික වශයෙන් විනාශකාරී ඇඳිරි නීතිය සහ භීතිකාව ව්‍යාප්ත කරන රට අගුළු දැමීමේ ප්‍රතිපත්ති ආනුභවික සාක්ෂි මත පදනම්ව නොව, සැලසුම් සහගත ආර්ථික ප්‍රකෘතියකට පටහැනි ලෙස උපදෙස් දෙනු ලැබ ඇත.
දෝෂ සහිත ප්‍රතිපත්ති සහ ව්‍යාකූල පණිවිඩ යැවීම Covid-19 ට වඩා වැඩි හානියක් සිදු කරයි.
ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (සීඑම්යූ) සිටින ආයතනවල කොරෝනා වෛරසය ප්‍රචාරයේ තරමට ආසාදනය වී නොමැති බව අපගේ පර්යේෂණවලින් පෙනී යයි. අපගේ ශාඛා සංගම් විසින් සපයන ලද තොරතුරු වලට අනුව, සීඑම්යූ සංගමයේ  තිබෙන ආයතන 44 න් සේවා ස්ථාන 4 ක සේවකයින් 4 දෙනෙකු නිරෝධායනය සඳහා යවා ඇත්තේ, අපගේ කාර්ය මණ්ඩලයේ (කාර්යාල සහායක) යෙකු ද ඇතුළුව ය. 
කෙසේ වෙතත්, අප රට තුල  සේවකයින් ඉලක්ක කර, හිරිහැර කර, අනවශ්‍ය පරීක්ෂණ මගින් බිය ගැන්වී ඇත. විවිධ සෞඛ්‍ය හේතූන් මත ප්‍රචාරණය, බිය ගැන්වීම්, එකරැස්වීමේ සීමාවන්, වෘත්තීය රැස්වීම් තහනම් කිරීම්, ඇන්ටිජන්, ඇන්ටිබොඩි, පීසීආර් වැනි වෛද්‍ය පරීක්ෂණ සහ වැඩකරන ජනතාවගේ මනස තුළ ඇති කර තිබෙනදැඩි භීතිකාව කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමට අපි කැමැත්තෙමු. 

මෙම බිය දුරු කිරීම සහ ජාතික ආර්ථිකයට දායක වන කම්කරුවන්ට වඩා හොඳ සමාජ පරිසරයක් නිර්මාණය කිරීම, ආරක්ෂිතව නැවත සේවයට පැමිණීම, දැනටමත් අවදානමට ලක්ව ඇති ආර්ථිකයට පිළියම් යෙදීම සහ ශක්තිමත් කිරීම අපගේ පරම යුතුකම බව අපගේ අදහසයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments