27 C
Sri Lanka
Monday, June 23, 2025
HomeTOPඅද (18) මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන බැවින් කිසිම ප්‍රචාරක...

අද (18) මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන බැවින් කිසිම ප්‍රචාරක කටයුත්තක් ඉන්පසු සිදුකරන්න එපා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරණය 2024 සියලු කටයුතු මේවනවිට මැතිවරණ මහ ලේකම් කාර්යාලය හා සියලු දිස්ත්‍රික් මැතිවරණ තේර්ම්භාර නිලධාරින් හා එම කාර්යාල මගින් සංවිධානය කර තිබෙන අතර අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ප්‍රචාරක කටයුතු නවතින අතර ඊට පසු නිහඬ කාලය පැමිනෙනු ඇත. අද තිබෙන රැලි සඳහා එක් වාරයක් (19) ප්‍රචාරයන් ලබාදිය හැකි අතර ඉන් පසු සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය කටයුතු නැවැත්විය යුතුය. මේවා අධීක්ෂණය කිරීමට විශේෂ කණ්ඩායම් යොදවා තිබේ.

මේවනවිට නිල ඡන්ද පත්‍රිකා බෙදීම සාර්ථකව සිදුවෙමින් තිබෙන බව තැපැල්පති ප්‍රකාශ කර තිබෙන අතර කිසිවෙකු තම නිල ඡන්ද පත්‍රය ලැබි නැත්නම් අදාල තැපැල් කාර්යාලව වෙත ගොස් අනන්‍යතාවය තහවුරු කොට එය ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments