21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඉංදියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු රුපියල් ලක්ෂ 22 අධික වටිනාකමකින්...

ඉංදියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු රුපියල් ලක්ෂ 22 අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් එස්.ටි.එෆ්.අත්අඩංගුවට

ඉංදියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු ලක්ෂ 22 අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.ඩී.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) යාපනය පොලිස් වසමේ කොලොමිබුතුරේ සහ ගුරුනගර් ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත.

එහි දී කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 28 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27 ත් 42 ත් අතර කොලොමිබුතුරේ සහ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ විසිදෙකකට ආසන්න වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments